පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1977/’17
ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, තිරියායහි පිහිටි ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් ගිරිහඬුසෑය බෞද්ධ විහාරස්ථානය සංවර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(ii) ගිරිහඬු සෑය විහාර භූමියේ ඇති තපස්සු භල්ලුක දෙබෑයන් පිළිබඳ සඳහන් වන ඓතිහාසික සෙල්ලිපිය කිසිදු ආවරණයක් නොමැතිව වැස්සට සහ අව්වට නිරාවරණය වෙමින් පවතින බව දන්නේද;
(iii) එම සෙල්ලිපිය තවදුරටත් විනාශවීම වළක්වා ගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී ගනු ලබන පියවර කවරේද;
(iv) ගිරිහඬු සෑය පූජා භූමිය විධිමත් පූජා නගරයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ඉදිරියේදී ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-10-20
අසන ලද්දේ
ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ගිරිහඬුසෑය විහාරස්ථානයේ සිදු කළ යුතු පුරාවිද්‍යාත්මක සංරක්ෂණ කටයුතු සිදුකර ඇති අතර, කාලීන නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය පියවර ගනු ලැබ ඇත.
(ii) ඔව්.
ශිලා ලේඛනයක් සඳහා ආවරණයක් යෙදීමේදී අවධානය යොමු කරනු ලබන කරුණු කිහිපයකි.
01. ආවරණය ස්වාභාවික පරිසරයට කොතෙක් දුරට ගැළපේද?
02. ආවරණය යෙදීමට සුදුසු පරිසරයක් තිබේද?
03. එම ආවරණය යෙදීම තුළින් පුරාවිද්‍යා භූමියට කිසියම් හානියක් සිදුවේද?
මෙම සෙල්ලිපිය සඳහා අවරණයක් ඉදි කිරීමට යෝජනා වී තිබුණු නමුත් එමඟින් එම භූමියේ පෞරාණික සහ ස්වාභාවික පරිසර පද්ධතියට හානියක් සිදු විය හැකි බැවින් හා එම ආවරණය යෙදීම සඳහා කළ යුතු කටයුතු මඟින් සිදු වන හානිය ස්වාභාවිකව සිදු වන හානියට වඩා අවදානම් සහිත හානියක් බව පෙනී ගිය බැවින් යෝජනාව ක්‍රියාත්මක නොකරන ලදී.
එමෙන්ම, මේ වනතුරුත් අව්වට හා වැස්සට නිරාවරණය වීම හේතුවෙන් මෙම සෙල්ලිපියට කිසිදු හානියක් සිදුවීමේ අවදානමක් නොමැති බව නිරීක්ෂණය කර ඇත.
(iii) මෙම සෙල්ලිපිය රසායනික ක්‍රමවේදයක් මඟින් ආරක්ෂා කිරීමට පියවර ගත හැකි අතර, සෙල්ලිපියට ආවරණයක් සකස් කිරීම අත්‍යවශ්‍යම වේ නම් පමණක් සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ හා භූ විද්‍යාඥයින්ගේ උපදෙස් ලබාගෙන ක්‍රියාත්මක කරනු ඇත.
(iv) මෙම ස්ථානය පූජා නගරයක් වශයෙන් ප්‍රකාශයට පත්කර සංවර්ධනය කිරීමේ කාර්යය පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හෝ අධ්‍යාපන අමාත්‍යාංශයට වගකීමක් දැරිය නොහැකි අතර, එම කාර්යයන් සිදු කරනු ලබන්නේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මඟිනි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-10-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks