01

E   |     |  

 දිනය: 2017-10-19   පිළිතුර ලබා දී ඇත 

1961/2017: Compensation for damaged and destroyed houses Ratnapura District floods 2017

1961/’17

ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2017 මැයි මස රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් පූර්ණ හානි වූ නිවාස 630ක් හා අර්ධ හානි වූ නිවාස 4608ක් වාර්තා වී ඇති බව දන්නේද;

            (ii)      හානියට පත් නිවාස නැවත ඉදිකිරීම සඳහා සුදුසු ඉඩම් හඳුනාගෙන තිබේද;

(iii) මේ සඳහා වතු සමාගම් සතු ඉඩම් පවරාගන්නේද;

(iv) මෙම ඉඩම් කඩිනමින් පවරා ගැනීමට දැනට පවතින නීතිරීති සංශෝධනය කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) හානියට පත් නිවාස සඳහා වන්දි මුදලක් ලබාදීමට රජය නියමිත කාලසීමාවක් තීරණය කර තිබේද;

(ii) ආපදාවට ලක්වූ සියලු නිවාස සඳහා වන්දි මුදල් ලබාදෙන්නේද;

(iii) නිවාස හානි සඳහා වන්දි මුදල් ලබාදීමේදී සලකා බලනු ලබන නිර්ණායකයන් කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-10-19

අසන ලද්දේ

ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks