පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1858/’17
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන මහානගර සැලසුම (Megapolis Plan) යටතේ 2017 වර්ෂයේ සිට ඉදිරි වර්ෂ 03 ක් දක්වා මහරගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා සැලසුම් කර ඇති සංවර්ධන වැඩසටහන් කවරේද;
(ii) දැනටමත් යම් වැඩසටහන් ආරම්භ කර ඇත්නම්, ඒවා කවරේද;
(iii) ආරම්භ කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් නිශ්චිත වශයෙන් පටන් ගන්නා දින වකවානු කවරේද;
(iv) මේ සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන සිදු කරන්නේද;
(v) එසේ නම්, ඒවා වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) දැනටමත් ආරම්භ කර ඇති හෝ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;
(ii) දැනට වැය කර ඇති මුදල කොපමණද;
(iii) මේ සඳහා ණය මුදල් ලබා ගන්නේද;
(iv) එසේ නම්, ණය ලබා ගන්නා ආයතන සහ ණය ප්‍රමාණය කොපමණද;
(v) නොඑසේ නම්, රජය විසින් වෙන් කර ඇති මුදල කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-11-10
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) බස්නාහිර මහානගර සැලසුම (Megapolis Plan) අප අමාත්‍යාංශය විසින් 2016 ජනවාරි මස අවසන් කළා. නමුත්, අප කලින් බලාපොරොත්තු වූ පරිදි එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීත්‍යනුකූල අධිකාරිය (Megapolis Authority) හෝ ඒ සම්බන්ධයෙන් වන රාජ්‍ය ආයෝජන මෙතෙක් සිදු වී නොමැත. නමුත් අප එයින් අධෛර්යයට පත් නොවී අප විසින් ව්‍යාපෘති කාර්යාල 07ක් අපේ අමාත්‍යාංශය පවත්වා ගෙන යනවා. වෙනත් අමාත්‍යාංශ හා අපේ අමාත්‍යාංශයේ විවිධ ආයතන හරහා එම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබනවා.
අපි 2016 ජනවාරි මස අවසන් කරන ලද මහානගර සැලසුම යටතේ 2017 වසරේ සිට ඉදිරි වසර 03ක් දක්වා මහරගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා මහානගර සැලසුමට අදාළ වැඩසටහන් නැහැ. නමුත්, අපේ බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින නාගරික සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් පහත සඳහන් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වනවා.
|
අනු අංකය |
ව්‍යාපෘතිය |
|
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ |
|
|
11 |
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙහි රේඛීය උද්‍යානය ඉදිකිරීම |
|
12 |
මාකුඹුර නගර සංවර්ධන ව්‍යාපෘතිය අතුළත් මාර්ග සංවර්ධනය |
|
13 |
නාවින්න ක්‍රීඩා පිටිය සංවර්ධනය අදියර II |
|
14 |
මහරගම බහුමහල් රථගාල සංවර්ධනය අදියර III |
|
15 |
මාකුඹුර අන්තර් හුවමාරුව |
|
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ |
|
|
01 |
මාදිවෙල දකුණ ජල ප්‍රවාහන සැලැස්ම |
ඉහත ව්‍යාපෘති 16 ක්‍රියාත්මකයි.
(ii)
|
අනු අංකය |
ව්‍යාපෘතිය |
|
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ |
|
|
01 |
මහරගම බහුමහල් රථගාල සංවර්ධනය අදියර I |
|
02 |
මහරගම බහුමහල් රථගාල සංවර්ධනය අදියර II |
|
03 |
මහරගම බස් නැවතුම්පොළ භූමිය සංවර්ධනය |
|
04 |
මහරගම යෝජිත බස් නැවතුම්පොළ සංවර්ධනය අදියර II |
|
05 |
නාවින්න ක්‍රීඩාපිටිය සංවර්ධනය අදියර I |
|
06 |
කොට්ටාව බස් නැවතුම්පොළ භූමිය සංවර්ධනය |
|
07 |
මාකුඹුර අන්තර් හුවමාරුව පිවිසුම් මාර්ගය අදියර - I |
|
08 |
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙහි රේඛීය උද්‍යානය ඉදිකිරීම |
|
09 |
තලපත්පිටිය ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වාණිජ හා නේවාසික සංකීර්ණය |
|
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ |
|
|
01 |
මාදිවෙල දකුණ ජල ප්‍රවාහන සැලැස්ම |
(iii) 2018 ජනවාරි.
(iv) ඔව්.
(v) මේවායින් ඇතැම් ඒවා අපි ආරම්භ කරලා තිබෙනවා. භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ ඇතැම් ඒවා කෙරෙනවා. නමුත් යෝජනාවලි දෙකකට එනම්, කොට්ටාව බස් නැවතුම්පොළේ වාණිජ සංවර්ධනය හා නාවින්න බස් නැවතුම්පොළේ වාණිජ සංවර්ධනයට අපි රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන මඟින් යෝජනා කැඳෙව්වා. නමුත් නාවින්නට පමණයි ප්‍රතිචාරයක් ආවේ. ඒක අපි අගයලා තිබෙනවා. කොට්ටාව වැඩසටහන අපේ අමාත්‍යාංශය මඟින් ලබන වසරේ ආරම්භ කරනවා.
තලපත්පිටිය ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වාණිජ හා නේවාසික සංකීර්ණය සඳහා පෞද්ගලික ආයෝජකයෙකු තෝරා ගෙන එම කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.
(ආ) (i)
(ii)
|
අනු අංකය |
ව්‍යාපෘතිය |
වැය කර ඇති මුදල (රු.මිලියන) |
|
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ |
||
|
01 |
මහරගම බහු මහල් රථ ගාල සංවර්ධනය අදියර I |
84.21 |
|
02 |
මහරගම බහු මහල් රථ ගාල සංවර්ධනය අදියර II |
200.0 |
|
03 |
මහරගම බස් නැවතුම්පළ භූමිය සංවර්ධනය |
3.61 |
|
04 |
මහරගම යෝජිත බස් නැවතුම්පළ සංවර්ධනය අදියර II |
25.48 |
|
05 |
නාවින්න ක්‍රීඩා පිටිය සංවර්ධනය අදියර I |
21.43 |
|
06 |
කොට්ටාව බස් නැවතුම්පළ භූමිය සංවර්ධනය |
10.16 |
|
07 |
මාකුඹුර අන්තර් හුවමාරුව පිවිසුම් මාර්ගය අදියර I |
14.5 |
|
08 |
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙහි රේඛීය උද්‍යානය ඉදිකිරීම |
100.0 |
|
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ |
||
|
01 |
මාදිවෙල දකුණ ජල ප්‍රවාහන සැලැස්ම |
5.75 |
(iii) නැත.
(iv) අදාළ නොවේ.
(v) මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන පහත පරිදි වේ.
|
අනු අංකය |
ව්‍යාපෘතිය |
පිරිවැය (රු. මිලියන) |
|
|
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ |
|
|
09 |
මාකුඹුර නගර සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළත මාර්ග සංවර්ධනය (2.5 km) |
300.0 |
|
10 |
නාවින්න ක්‍රීඩා පිටිය සංවර්ධනය අදියර II |
125.0 |
|
11 |
මහරගම බහුමහල් රථගාල සංවර්ධනය අදියර III |
120.0 |
|
12 |
මාකුඹුර අන්තර් හුවමාරුව |
350.0 |
|
|
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ |
|
|
01 |
මාදිවෙල දකුණ ජල ප්‍රවාහන සැලැස්ම |
15.0 |
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-11-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පාඨලී චම්පික රණවක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks