01

E   |     |  

 දිනය: 2017-10-17   පිළිතුර ලබා දී ඇත 

1854/2017: මහා නගර සැලසුම යටතේ ක‍්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්: විස්තර

1854/’17

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන  මහානගර සැලසුම (Megapolis Plan) යටතේ 2017 වර්ෂයේ සිට ඉදිරි වර්ෂ 03 ක් දක්වා කොළඹ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා සැලසුම් කර ඇති සංවර්ධන වැඩසටහන් කවරේද;

(ii) දැනටමත් යම් වැඩසටහන් ආරම්භ කර ඇත්නම්, ඒවා කවරේද;

(iii) ආරම්භ කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් නිශ්චිත වශයෙන් පටන් ගන්නා දින වකවානු කවරේද;

(iv) මේ සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන සිදු කරන්නේද;

(v) එසේ නම්, ඒවා වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) දැනටමත් ආරම්භ කර ඇති හෝ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන                 වැඩසටහන් සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;

(ii) දැනට වැය කර ඇති මුදල කොපමණද;

(iii) මේ සඳහා ණය මුදල් ලබා ගන්නේද;

(iv) එසේ නම්, ණය ලබා ගන්නා ආයතන සහ ණය ප්‍රමාණය කොපමණද;

(v) නොඑසේ නම්, රජය විසින් වෙන් කර ඇති මුදල කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? 

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-10-17

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)       බස්නාහිර මහනගර අධිකාරියක් මේ වන තෙක් නිල වශයෙන් ස්ථාපිත කර නැත. වෙනත් ආයතන හරහා ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. සැලසුම් සකස් කර ව්‍යාපෘති නිර්ණය කර ඇත.

අනු අංකය

ව්‍යාපෘතිය

ක්‍රියාත්මක කරනු ලබන ආයතනය

01

කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර ව්‍යාපෘතිය-Port City Project (මෙය දැනට නිල වශයෙන් කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ඇතුළත් කර නොමැත) · මෙම ව්‍යාපෘතියේ 2017.09.30 දිනට මූල්‍ය ප්‍රගතිය - රුපියල් මිලියන 1,708.41 · භෞතික ප්‍රගතිය - 42%

වරාය නගර ව්‍යාපෘතිය

02

‍බේරේවැව බටහිර ඉවුර දිගේ රේඛීය උද්‍යානය සංවර්ධනය (linear park)

නාගරික සංවර්ධන අධිකාරිය

03

මධ්‍යම ව්‍යාපාරික නගරය

නාගරික සංවර්ධන අධිකාරිය

04

සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති ව්‍යාපෘතිය

LRT-JICA ව්‍යාපෘතිය

05

බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය

නාගරික සංවර්ධන අධිකාරිය

06

නව මුතුවැල්ල ජල උමං මාර්ගය සැලසුම් කොට ඉදිකිරීමේ ව්‍යාපෘතිය

කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය

07

ශාන්ත සෙබස්තියන් උතුරු ඇළහී ඉවුරු ආරක්ෂණ ඉදිකිරීම

කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය

08

ශාන්ත සෙබස්තියන් උතුරු දියගුළු දොරවල් සහ ජල පොම්පාගාරය සැලසුම් කි‍රීම හා ඉදිකිරීම.

කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය

09

ශාන්ත සෙබස්තියන් දකුණ දියගුළු දොරවල් සහ ජල පොම්පාගාරය සැලසුම් කිරීම හා ඉදිකිරීම

කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය

10

කොළඹ නගරයේ ගොඩගැසෙන කසළ ‍කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතිය 1. අරුවක්කාලු ව්‍යාපෘතිය 2. කසළවලින් බලශක්ති නිපදවීමේ ව්‍යාපෘතිය(waste to energy)

ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය

11

අඩු ආදායම් නිවාස ව්‍යාපෘතිය

නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය

12

සමුද්‍රීය නගර සංවර්ධන ව්‍යාපෘතිය (Maritime City Project)

සමුද්‍රීය නගර සංවර්ධන ව්‍යාපෘතිය

13

ප්‍රවර්ධන නගර සංවර්ධන ව්‍යාපෘතිය (Logistic City Development Project)

ප්‍රවර්ධන නගර සංවර්ධන ව්‍යාපෘතිය

14

බස් ප්‍රමුඛතා මංතීරු ව්‍යාපෘතිය, බස් සීඝ්‍රගාමී සේවය, ජල ප්‍රවාහන සේවය

ප්‍රවර්ධන සංවර්ධන ව්‍යාපෘතිය

 

                  වැඩිමනත් වශයෙන් පහත ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.

  අනු අංකය

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ

ව්‍යාපෘතිය

01

හේනමුල්ල ක්‍රීඩාපිටිය සංවර්ධනය

02

මාදම්පිටිය ක්‍රීඩාපිටිය සංවර්ධනය

03

කොළඹ උතුරු පිවිසුම් දොරටු සංවර්ධනය

06

කොළඹ කොටුව පදික පහසුකම් සංවර්ධනය

07

එදිරිසිංහ වත්ත, හේනමුල්ල හා ෆර්ගසන් පාර නිවාස ව්‍යාපෘතිය සඳහා ප්‍රජාශාලා ඉදිකිරීම

 

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ

08

කොළඹ උතුර, ප්‍රධාන ඇළ මාර්ග, සුළු ඇළ මාර්ග, ද්විතීක ඇළ මාර්ග නඩත්තු කිරීම

09

කොළඹ උතුරු ප්‍රදේශයේ, කොළඹ මහනගර සභාව යටතේ ඇළ මාර්ග නඩත්තු කිරීම

10

කොළඹ උතුරු ප්‍රදේශයේ ඇළ මාර්ග වැඩිදියුණු කිරීම

11

බේරේ වැව ඇතුළත, පිටත ඇතුළු සියලුම ප්‍රදේශවල මඩකැණීම හා පුනරුත්ථාපනය

 

              (ii)       ඉහත අ(i)හි සඳහන් සියලු ව්‍යාපෘති ආරම්භ කර ඇත. තවද අමතර වශයෙන් 2017 හා 2018 සඳහා ව්‍යතිරේක ව්‍යාපෘති ආරම්භ කරනු ඇත.

  අනු අංකය

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ

  ක්‍රියාත්මක වන වර්ෂය

ව්‍යාපෘතිය

01

කොළඹ කොටුව පදික පහසුකම් සංවර්ධනය

2017

02

එදිරිසිංහ වත්ත, හේනමුල්ල හා ෆර්ගසන් පාර නිවාස ව්‍යාපෘතිය සඳහා ප්‍රජාශාලා ඉදිකිරීම

2017

 

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යට‍තේ

 

01

කොළඹ උතුර, ප්‍රධාන ඇළ මාර්ග, සුළු ඇළ මාර්ග, ද්විතීක ඇළ මාර්ග නඩත්තු කිරීම

2017

02

කොළඹ උතුරු ප්‍රදේශයේ, කොළඹ මහනගර සභාව යටතේ ඇළ මාර්ග නඩත්තු කිරීම

2017

03

කොළඹ උතුරු ප්‍රදේශයේ ඇළ මාර්ග වැඩිදියුණු කිරීම

2017

04

බේරේ වැව ඇතුළත, පිටත ඇතුළු සියලුම ප්‍රදේශවල මඩකැණීම් හා පුනරුත්ථාපනය

2017

 

(iii)  

  අනු අංකය

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ

  ක්‍රියාත්මක වන වර්ෂය

ව්‍යාපෘතිය

01

හේනමුල්ල ක්‍රීඩාපිටිය සංවර්ධනය

2018 ජනවාරි

02

මාදම්පිටිය ක්‍රීඩාපිටිය සංවර්ධනය

2018 ජනවාරි

03

කොළඹ උතුරු පිවිසුම් දොරටු සංවර්ධනය

2018 ජනවාරි

06

බේරේවැව බටහිර ඉවුර දිගේ රේඛීය උද්‍යානය සංවර්ධනය

2018 ජනවාරි

07

බේරේවැව ලේක්හවුස් ගොඩනැගිල්ල ආසන්නයේ රේඛීය උද්‍යානය සංවර්ධනය කිරීම

2018 ජනවාරි

 

කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ

 

01

නව මුතුවැල්ල ජල උමං මාර්ගය සැලසුම් කොට ඉදිකිරීමේ ව්‍යාපෘතිය

2018 ජනවාරි

02

ශාන්ත සෙබස්තියන් දකුණ දියගුළු දොරවල් සහ ජල පොම්පාගාරය සැලසුම් කිරීම හා ඉදිකිරීම

2018

 

(iv)  ඔව්.

      රාජ්‍ය ආයෝජන- මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන හා ලෝක බැංකු ණය ආධාර

(v) ඉහත අ(i) හි අංක 01,03,05,12,13,14 පුද්ගලික ආයෝජන වේ. අනෙක් ආයෝජන විදේශ ණය හා රාජ්‍ය ආයෝජන වේ.

  නාගරික සංවර්ධන අධිකාරිය යටතේ    

අනු අංකය

ව්‍යාපෘතිය

ක්‍රියාත්මක වන වර්ෂය

පිරිවැය (රුපියල් මිලියන)

01

හේනමුල්ල ක්‍රීඩාපිටිය සංවර්ධනය

2018 ජනවාරි

200

02

මාදම්පිටිය ක්‍රීඩාපිටිය සංවර්ධනය

2018 ජනවාරි

200

03

කොළඹ උතුරු පිවිසුම් දොරටු සංවර්ධනය

2018 ජනවාරි

25

04

බේරේවැව බටහිර ඉවුර දිගේ රේඛීය උද්‍යානය සංවර්ධනය

2018 ජනවාරි

450

05

බේරේවැව ලේක්හවුස් ගොඩනැගිල්ල ආසන්නයේ රේඛීය උද්‍යානය සංවර්ධනය කිරීම

2018 ජනවාරි

350

06

කොළඹ කොටුව පදික පහසුකම් සංවර්ධනය

 

18

07

එරදිරිසිංහ වත්ත, හේනමුල්ල හා ෆර්ගසන් පාර නිවාස ව්‍යාපෘතිය සඳහා ප්‍රජාශාලා ඉදිකිරීම

 

20

 

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ

 

 

08

කොළඹ උතුර, ප්‍රධාන ඇළ මාර්ග, සුළු ඇළ මාර්ග, ද්විතීක ඇළ මාර්ග නඩත්තු කිරීම

2017

90

09

කොළඹ උතුරු ප්‍රදේශයේ, කොළඹ මහනගර සභාව යටතේ ඇළ මාර්ග නඩත්තු කිරීම

2017

5

10

කොළඹ උතුරු ප්‍රදේශයේ ඇළ මාර්ග වැඩිදියුණු කිරීම

2017

50

11

බේරේ වැව ඇතුළත, පිටත ඇතුළු සියලුම ප්‍රදේශවල මඩකැණීම හා පුනරුත්ථාපනය

2017

20

 

(ආ) (i)  රාජ්‍ය අරමුදල් යටතේ ඇති ව්‍යතිරේක ව්‍යාපෘති සඳහා

  නාගරික සංවර්ධන අධිකාරිය යටතේ    

අනු අංකය

ව්‍යාපෘතිය

ක්‍රියාත්මක වන වර්ෂය

පිරිවැය(රුපියල් මිලියන)

01

හේනමුල්ල ක්‍රීඩාපිටිය සංවර්ධනය

2018

200

02

මාදම්පිටිය ක්‍රීඩාපිටිය සංවර්ධනය

2018

200

03

කොළඹ උතුරු පිවිසුම් දොරටු සංවර්ධනය

2018

25

04

බේරේවැව බටහිර ඉවුර දිගේ රේඛීය උද්‍යානය සංවර්ධනය

2018

450

05

බේරේවැව ලේක්හවුස් ගොඩනැගිල්ල ආසන්නයේ රේඛීය උද්‍යානය සංවර්ධනය කිරීම

2018

350

06

කොළඹ කොටුව පදික පහසුකම් සංවර්ධනය

2017

18

07

එරදිරිසිංහ වත්ත, හේනමුල්ල හා ෆර්ගසන් පාර නිවාස ව්‍යාපෘතිය සඳහා ප්‍රජාශාලා ඉදිකිරීම

2017

20

 

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ    

08

කොළඹ උතුර, ප්‍රධාන ඇළ මාර්ග, සුළු ඇළ මාර්ග, ද්විතීක ඇළ මාර්ග නඩත්තු කිරීම

2017

90

09

කොළඹ උතුරු ප්‍රදේශයේ, කොළඹ මහනගර සභාව යටතේ ඇළ මාර්ග නඩත්තු කිරීම

2017

5

10

කොළඹ උතුරු ප්‍රදේශයේ ඇළ මාර්ග වැඩිදියුණු කිරීම

2017

50

11

බේරේ වැව ඇතුළත, පිටත ඇතුළු සියලුම ප්‍රදේශවල මඩකැණීම හා පුනරුත්ථාපනය

2017

20

 

කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ

 

 

01

ශාන්ත සෙබස්තියන් උතුරු ඇළහි ඉවුරු ආරක්ෂණ ඉදිකිරීම

2017

322.5

02

නව මුතුවැල්ල ජල උමං මාර්ගය සැලසුම් කොට ඉදිකිරීමේ ව්‍යාපෘතිය

2018

1750

03

ශාන්ත සෙබස්තියන් උතුරු දියගුළු දොරවල් සහ ජල පොම්පාගාරය සැලසුම් කිරීම හා ඉදිකිරීම

2017

1889

04

ශාන්ත සෙබස්තියන් දකුණ දියගුළු දොරවල් සහ ජල පොම්පාගාරය සැලසුම් කිරීම හා ඉදිකිරීම

2018

1590

 

(ii)

 

  නාගරික සංවර්ධන අධිකාරිය යටතේ  

අනු අංකය

ව්‍යාපෘතිය

පිරිවැය (රු.මිලියන)

01

කොළඹ කොටුව පදික පහසුකම් සංවර්ධනය

-

02

එදිරිසිංහවත්ත, හේනමුල්ල හා ෆර්ගසන් පාර නිවාස ව්‍යාපෘතිය සඳහා ප්‍රජාශාලා ඉදි කිරීම

5.14

 

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ

 

03

කොළඹ උතුර, ප්‍රධාන ඇළ මාර්ග, සුළු ඇළ මාර්ග, ද්විතීක ඇළ මාර්ග නඩත්තු කිරීම

62.31

04

කොළඹ උතුරු ප්‍රදේශයේ, කොළඹ මහනගර සභාව යටතේ ඇළ මාර්ග නඩත්තු කිරීම

3.19

05

කොළඹ උතුරු ප්‍රදේශයේ ඇළ මාර්ග වැඩිදියුණු කිරීම

7.97

06

බේරේ වැව ඇතුළත, පිටත ඇතුළු සියලුම ප්‍රදේශවල මඩකැණීම හා පුනරුත්ථාපනය

14.89

 

කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපාතිය යටතේ

 

01

ශාන්ත සෙබස්තියන් උතුරු ඇළහී ඉවුරු ආරක්ෂණ ඉදිකිරීම

66.8

02

ශාන්ත සෙබස්තියන් උතුරු දියගුළු දොරවල් සහ ජල පොම්පාගාරය සැලසුම් කිරීම හා ඉදිකිරීම.

196

(iii)  කොළඹ අගනගර ව්‍යාපෘතිය, සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආදිය විදේශ ණය (ලෝක බැංකු ණය) ආධාර මත ක්‍රියාත්මක වේ.

(iv)  කොළඹ අගනගර ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු මුදල- ඩොලර් මිලියන 321කි. ඉන් ඩොලර් මිලියන 213ක් ලෝක බැංකු ණය ආධාර වේ.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු මුදල -ඩොලර් මිලියන 1400කි.

(v)   රජය විසින් මහනගර ප්‍රධාන ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කර නැත. ව්‍යතිරේක ව්‍යාපෘති සඳහා වෙන් කර ඇත.

  නාගරික සංවර්ධන අධිකාරිය යටතේ    

අනු අංකය

ව්‍යාපෘතිය

ක්‍රියාත්මක වන වර්ෂය

පිරිවැය (රුපියල් මිලියන)

01

හේනමුල්ල ක්‍රීඩාපිටිය සංවර්ධනය

2018

200

02

මාදම්පිටිය ක්‍රීඩාපිටිය සංවර්ධනය

2018

200

03

කොළඹ උතුරු පිවිසුම් දොරටු සංවර්ධනය

2018

25

04

බේරේවැව බටහිර ඉවුර දිගේ රේඛීය උද්‍යානය සංවර්ධනය

2018

450

05

බේරේවැව ලේක්හවුස් ගොඩනැගිල්ල ආසන්නයේ රේඛීය උද්‍යානය සංවර්ධනය කිරීම

2018

350

06

කොළඹ කොටුව පදික පහසුකම් සංවර්ධනය

2017

18

07

එරදිරිසිංහ වත්ත, හේනමුල්ල හා ෆර්ගසන් පාර නිවාස ව්‍යාපෘතිය සඳහා ප්‍රජාශාලා ඉදිකිරීම

2017

20

 

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ

 

 

08

කොළඹ උතුර, ප්‍රධාන ඇළ මාර්ග, සුළු ඇළ මාර්ග, ද්විතීක ඇළ මාර්ග නඩත්තු කිරීම

2017

90

09

කොළඹ උතුරු ප්‍රදේශයේ, කොළඹ මහනගර සභාව යටතේ ඇළ මාර්ග නඩත්තු කිරීම

2017

5

10

කොළඹ උතුරු ප්‍රදේශයේ ඇළ මාර්ග වැඩිදියුණු කිරීම

2017

50

11

බේරේ වැව ඇතුළත, පිටත ඇතුළු සියලුම ප්‍රදේශවල මඩකැණීම හා පුනරුත්ථාපනය

2017

20

 

මෙයට අමතරව ජාතික ජලසම්පාදන මණ්ඩලය, ජාතික විදුලිබල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය ආදී රාජ්‍ය ආයතන මඟින් සිදුකළ යුතු ව්‍යාපෘති වාර්තාවක් රජයට ඉදිරිපත් කර ඇත.

(ඇ)  අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2017-10-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පාඨලී චම්පික රණවක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks