පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1779/’17
ගරු අශෝක ප්‍රියන්ත මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වයඹ පළාත් සභාව යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන පෙර පාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පෙර පාසල්වල නම් කවරේද;
(iii) 2010 වර්ෂය සිට මෙම එක් එක් පෙර පාසල සඳහා ලබාදුන් ආධාර ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන්නේද;
(iv) දිස්ත්‍රික්කයේ පෙර පාසල් දියුණු කිරීමට සහ නියාමනය කිරීමට පළාත් සභාව ගෙන ඇති හා ඉදිරියට ගැනීමට අපේක්ෂිත පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-10-17
අසන ලද්දේ
ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) වයඹ පළාත් සභාව යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන පෙර පාසල් සංඛ්‍යාව 596කි. (පන්සිය අනූ හයකි.)
(ii) එම පෙර පාසල් 596හි නම් ඇමුණුම්* අංක 01 සිට 01 (xix) මඟින් දක්වා ඇත.
(iii) 2010 වර්ෂයේ සිට පෙර පාසල් සඳහා ලබා දුන් ආධාර ප්‍රමාණය පහත පරිදි වේ.
|
වර්ෂය |
ලබා දුන් ප්‍රදානයේ ස්වභාවය |
පෙර පාසල් සංඛ්‍යාව |
|
2010 |
ජල ෆිල්ටර් |
61 (ඇමුණුම් අංක 02 සිට 02(i) දක්වා) |
|
2011 |
සෞන්දර්ය උපකරණ-තාලම්පට |
90 (ඇමුණුම් අංක 03 සිට 03(ii) දක්වා) |
|
|
සනීපාරක්ෂක පහසුකම් (වැසිකිළි/කැසිකිළි) |
09{(ඇමුණුම් අංක 03 (iii)} |
|
|
ජල පහසුකම් (නල ජල පද්ධති සකස් කර ගැනීම) |
10 {ඇමුණුම් අංක 03 (iv)} |
|
|
ගොඩනැගිලි පහසුකම් (පන්ති කාමර ඉදිකිරීම හා නවීකරණය) |
16 (ඇමුණුම් අංක 03 (v)) |
|
|
ගුරු අත්පොත් හා විෂය නිර්දේශ ලබා දීම |
219 (ඇමුණුම් අංක 03 (vi) සිට 03(xii)දක්වා) |
|
|
ප්‍රථමාධාර පෙට්ටි |
70 (ඇමුණුම් අංක 03(xiii) සිට 03(xv) දක්වා) |
|
|
මෙලෝඩිකා |
12 {ඇමුණුම් අංක 03(xvi)} |
|
2012 |
සෞන්දර්ය උපකරණ -ගැටබෙර |
412 (ඇමුණුම් අංක 04 සිට 04 (xi) දක්වා) |
2013, 2014 සහ 2015 වර්ෂවල පුත්තලම දිස්ත්‍රික්කයේ පෙර පාසල් සඳහා ලබා දීමට තරම් ප්‍රමාණවත් ප්‍රතිපාදන පූර්ව ළමා අධ්‍යාපන සංවර්ධන අධිකාරිය සතු නොවූ බව ද පළාත් සභාව යටතේ ලබා දෙන පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදානයන් ද මෙම වසර තුළ පූර්ව ළමා අධ්‍යාපන සංවර්ධන අධිකාරිය වෙත අනුමත වී නොමැති බව ද දන්වා ඇත.
2016 වර්ෂය සඳහා පෙර පාසල් සඳහා ලබා දුන් ආධාර ප්‍රමාණ පහත පරිදි වේ.
(ඇමුණුම්* අංක 05 සිට 05(i) මඟින් දක්වා ඇත.)
|
වර්ෂය |
ලබා දුන් ප්‍රදානයේ ස්වභාවය |
ප්‍රතිපාදන |
පෙර පාසල් සංඛ්‍යාව |
|
2016 |
ගොඩනැඟිලි පහසුකම් ලබා දීම |
රු.970000.00 |
05 |
|
|
සනීපාරක්ෂක පහසුකම් ලබා දීම |
රු.3090000.00 |
02 |
|
|
සෙල්ලම් මිදුල අලුතෙන් උපකරණ ගෙන සැකසීම |
රු.840000.00 |
09 |
|
|
ආරක්ෂිත වැට සකස් කිරීම |
රු.1,284,403.83 |
05 |
|
|
එකතුව |
රු.3,403,403,83 |
21 |
(iv) පුත්තලම දිස්ත්‍රික්කයේ පෙර පාසල් දියුණු කිරීමට සහ නියාමනය කිරීමට වයඹ පළාත් සභාව ගෙන ඇති ක්‍රියාමාර්ග
පෙර පාසල් දියුණු කිරීමට ගෙන ඇති පියවර
· සිංහල හා දෙමළ මාධ්‍ය දෙකෙන්ම කුරුණෑගල, පුත්තලම දිස්ත්‍රතිකවල පෙර පාසල් ගුරුවරුන් සඳහා ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලා පළාත් සභාවට අයත් ආයතන තුළ පැවැත්වීම.
· ආදර්ශ පෙර පාසල් දෙකක් පළාත් සභාව හරහා ක්‍රියාත්මක කිරීම.
· නිලධාරින් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන් පැවැත්වීම
· පළාත් පාලන ආයතන හරහා පෙර පාසල් ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීන කිරීම සඳහා වැඩසටහන් පැවැත්වීම.
· නිවස පදනම් කරගත් මුල් ළමාවිය සංවර්ධනය, සෞඛ්‍ය පෝෂණය පිළිබඳ පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීම.
· පෙර පාසල් දරුවන් උදෙසා පෝෂණ වැඩසටහන් පැවැත්වීම.
· ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සහයවීම සඳහා විෂය නිර්දේශයට අදාළව මාසිකව තරුකැට හා පුංචිතරු නමින් ළමා පුවත්පත් දෙකක් වයඹ පළාත තුළ බෙදා දීම.
පෙර පාසල් නියාමනය කිරීමට පළාත් සභාව ගෙන ඇති හා ඉදිරියට ගැනීමට අපේක්ෂිත පියවර
· අධිකාරියේ අධ්‍යක්ෂවරයා පළාත් පාලන ආයතන මට්ටමින් ඇති පෙර පාසල්වල ප්‍රමිතිය පරික්ෂා කිරීම
· පූර්ව ළමා අධ්‍යාපන සංවර්ධන අධිකාරියට අනුයුක්ත කර ඇති සංවර්ධන නිලධාරින් පෙර පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් කරන ක්‍රමවේදය පිළිබඳ අධීක්ෂණය හා නියමනය කිරීම.
· පෙර පාසල්වල ගුණාත්මක සංවර්ධනය මෙන්ම භෞතික සම්පත් සංවර්ධනය සඳහා ඇති අවශ්‍යතා සොයා බලා ඒවාට විසඳුම් ලබා දීම.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-10-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks