පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1753/’17
ගරු ලකී ජයවර්ධන මහතා,— ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට දිවයින පුරා ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවායින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු පිරවුම්හල් සංඛ්‍යාව සහ පෞද්ගලික ආයතනයන් සතු පිරවුම්හල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් පිහිටා ඇති ස්ථාන කවරේද;
(iv) ඉහත (iii) හි සඳහන් පිරවුම්හල් දැනට පවත්වාගෙන යනු ලබන පුද්ගලයන් කවුරුන්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) පෞද්ගලික ආයතන සතු ඉන්ධන පිරවුම්හල් පිහිටා ඇති ස්ථාන කවරේද;
(ii) ඒවා අයත් පුද්ගලයන් කවුරුන්ද;
(iii) ඉන්ධන පිරවුම්හල් නියාමනය කිරීම නියමානුකූලව සිදු නොවන බව පිළිගන්නේද;
(iv) එසේ නම්, එම ඉන්ධන පිරවුම්හල් නියාමනය කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන්නේද;
(v) එසේ නම්, ඒ කෙසේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-10-17
අසන ලද්දේ
ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2017.08.21 දිනට ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව 1,252කි.
(ii) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු, මුළු පිරවුම් හල් සංඛ්‍යාව : 1244
ක්‍රියාත්මක තත්ත්වයේ නොපවතින පිරවුම් හල් සංඛ්‍යාව : 204
ක්‍රියාත්මක තත්ත්වයේ පවතින පිරවුම් හල් සංඛ්‍යාව (1244-204) : 1040
පෞද්ගලික ආයතනයන් සතු (අයිඕසී) පිරවුම් හල් සංඛ්‍යාව : 212
(iii) මේ ස්ථාන ගැන සඳහන් ලැයිස්තුවක් අප සතුව තිබෙනවා. ඒ ලේඛනය විශාල ලේඛනයක්. ඒ නිසා මම එය සභාගත* කරමි.
(iv) අංක 1 ලේඛනයෙහි සඳහන්ව ඇත.
(ආ) (i) පෞද්ගලික ආයතන සතු ඉන්ධන පිරවුම්හල් 996 පිහිටා ඇති ස්ථාන අංක 2 ලේඛනයේ සඳහන් වේ. එම ලේඛනය සභාගත* කරමි.
(ii) අංක 2 ලේඛනයේ සඳහන් වේ.
(iii) ඉන්ධන පිරවුම් හල් නියාමනය කිරීම සඳහා මිණුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව මඟිනුත්, පාරිභෝගික සේවා අධිකාරියෙනුත් ඒ ඉන්ධන පිරිවුම් හල් පරීක්ෂා කිරීම හා නියාමනය කිරීම සිදු කරනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රාදේශීය කාර්යාල 9ක් තිබෙනවා. ඒ ප්‍රාදේශීය කාර්යාල නවයෙනුත් එම නියාමනය කරනවා. එහිදී නිරීක්ෂණය කරනු ලබන කරුණු අංක 3 ලේඛනයේ සඳහන් වේ. අංක 3 ලේඛනය සභාගත* කරමි.
(iv) දැනටමත්, ඉහත (අ) (iii) පිළිතුරෙහි සඳහන් ස්වාධීන ආයතන දෙකෙන් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ස්ථාපිත ප්‍රාදේශීය කාර්යාල 09ක් හරහාද නියාමන කටයුතු සිදුකරයි.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මඟින් ද ඉන්ධන පිරවුම්හල් නියාමනය කිරීම සිදු කරනු ලබන අතර, මේ වන විට පිරවුම්හල් 24ක පරීක්ෂණ කටයුතු අවසන් කර ඇත.
තවදුරටත් නියාමන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියා කරන අතර, යෝජනා ඇතොත් ලබා දීමට ද හැකියාවක් පවතී.
ඊට අමතරව යම් කිසි පිරවුම්හලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණොත් ඒ ආයතනයත් අපි නියාමනය කරනවා.
(v) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-10-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks