පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1696/’17
ගරු බිමල් රත්නායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහනුවර දිස්ත්‍රික්කයේ, උලපනේ ප්‍රදේශයේ පිහිටි රෝහණ විජේවීර මහතා භාවිතා කළ ඉඩම හා නිවස මේ වනවිට රජය විසින් යම් කටයුත්තක් සඳහා යොදා ගන්නේද;
(ii) එසේ නම්, එම ඉඩම හා නිවස රජයේ කටයුත්තකට පවරා ගෙන ඇත්තේ ඔහුගේ පවුලට හෝ වෙනත් ආයතනයකට වන්දි මුදලක් ගෙවීමකින් පසුවද;
(iii) එසේ නම්, ගෙවූ වන්දි මුදල හා දිනය කවරේද;
(iv) නොඑසේ නම්, එම ඉඩම හා නිවස රජය විසින් පවරාගත් පදනම හා මේ වනවිට භුක්ති විඳින පදනම කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-08-24
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) නැත.
(iii) අදාළ නොවේ.
(iv) රෝහණ විජේවීර මහතා භාවිත කළ ගඟ ඉහළ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උලපනේ ශාන්ත මේරි වත්ත යනුවෙන් හඳුන්වන විකුණුම්කර අංක 04 යටතේ අත්තනායක මුදියන්සේලාගේ ශාන්ත නිමලසිරි හා සමරකෝන් ආරච්චිගේ ප්‍රියානි චන්දිමා යන දෙපළට අයත්ව තිබූ දේපළ, මහනුවර මහාධිකරණ විශේෂ නඩු අංක 1/90, 2/90 හා 4/90 යටතේ රාජසන්තක කරන ලද එම දේපළ 1990.05.15 දින අංක 610/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මහජන ආරක්ෂක පනතේ (40 වැනි අධිකාරි) 05 වන වගන්තිය යටතේ ප්‍රකාශිත අතිගරු ජනාධිපතිතුමාගේ නියෝගය පරිදි 1997.02.07 වන දින ජාතික තරුණ සේවා සුබසාධක අරමුදල වෙත පවරා ඇත.
ඒ අනුව තරුණ සේවා සභාව මඟින් එම දේපළ බුක්ති විඳී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-08-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks