01

E   |     |  

 දිනය: 2017-07-06   පිළිතුර ලබා දී ඇත 

1679/2017: මඩකලපුව ශික්ෂණ රෝහල : වාට්ටු හිඟය

1679/’17

ගරු සෙය්යිඩ් අලී සාහිර් මවුලානා මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      මඩකලපුව ශික්ෂණ රෝහලේ පවත්නා වාට්ටු සංඛ්‍යාව හා ඒවායේ නම් කවරේද;

            (ii)      එක් එක් වාට්ටුවේ පවත්නා ඇඳන් සංඛ්‍යාව සහ දැනට ඇතුළත් කරගනු ලබන රෝගීන් සංඛ්‍යාව කොපමණද;

(iii) සියලුම විශේෂඥ වෛද්‍යවරුන්ගේ නම් සහ ඔවුන්ගේ අදාළ වෛද්‍ය ක්ෂේත්‍ර කවරේද; 

(iv) මෙම විශේෂඥ වෛද්‍යවරුන්ට වාට්ටු පවරාදීම පිළිබඳ තොරතුරු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) විශේෂඥ වෛද්‍යවරුන්හට පැවරීම සඳහා වාට්ටු හිඟයක් පවතින බවත්;

(ii) ඉඩකඩ සහ ඇඳන් නොමැතිවීම හේතුවෙන් සාමාන්‍ය රෝගීන් සහ කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යවන බරපතල රෝගාබාධවලින් පෙළෙන රෝගීන් ඇතැම් වාට්ටුවල බිම සහ පිලේ දමා සිටින බවත්;

(iii) අමතර වාට්ටු ඉදිකිරීම සඳහා රෝහල් පරිශ්‍රය තුළ ඉඩකඩ පවතින බවත්;

 (iv) මෙය නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරන සිසුන් සඳහා වෙන්කරන ලද ශික්ෂණ රෝහල බවත්;

එතුමා දන්නෙහිද?

(ඇ) (i) ඉතා කඩිනම් අවශ්‍යතාවයක්ව පවතින මෙම වාට්ටු ඉදිකිරීම සඳහා ඉහළ ප්‍රමුඛතාවය ලබා දී ඒ සඳහා වෙන් කළ ප්‍රතිපාදන නිකුත් කිරීමට නියෝග කරන්නේද;

(ii) එසේ නම්, ඒ කවදාද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-07-06

අසන ලද්දේ

ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      ඇමුණුම 01 හි දක්වා ඇත.

              (ii)      ඇමුණුම 02 හි දක්වා ඇත.

         (iii)      ඇමුණුම 03* හි දක්වා ඇත.

              (vi)      ඇමුණුම 03 හි දක්වා ඇත.

(ආ)          (i)      ඔව්.

              (ii)      නැත.

              (iii)      නැත.

              (iv)      ඔව්.

(ඇ)          (i)      දැනටමත් අනතුරු හා හදිසි සත්කාර ඒකක ඉදිකිරීම් ආරම්භ කර ඇත.

(ii) පැන නොනඟී.

(ඈ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2017-07-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks