01

E   |     |  

 දිනය: 2017-08-22   පිළිතුර ලබා දී ඇත 

1634/2017: චුන්නාක්කම් ප්‍රදේශයේ, යෝජිත සුළං බලාගාර ඉදි කිරීමේ ව්‍යාපෘති : ප්‍රගතිය

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      යාපනය දිස්ත්‍රික්කයේ, චුන්නාක්කම් ප්‍රදේශයේ මෙගාවොට් 10 බැඟින් වූ සුළං බලාගාර දෙ‍කක් ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;

(ii) එසේ නම්, එම ව්‍යාපෘති සඳහා ඉදිරිපත් කළ මිල ගණන් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම ටෙන්ඩර ප්‍රදානය කළ සමාගම් දෙක කවරේද;

(iv) එම සමාගම් විසින් ඉදිරිපත් කරන ලද මිල ගණන් වෙන් වෙන් වශයෙන් කවරේද;

(v) එම එක් එක් ව්‍යාපෘතියේ ප්‍රගතිය කවරේද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-08-22

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඇමුණුමෙහි සඳහන් කර ඇත.

                        ඇමුණුම සභාගත* කරමි.

             (iii)      මෙම බලාගාර දෙක සඳහාම සාර්ථක ලංසුකරු ලෙස තේරී ඇත්තේ එල්.ටී.එල්. ප්‍රොජෙක්ට්ස් (පුද්ගලික) සමාගම (LTL Projects (Pvt.) Ltd.) යන ආයතනයයි. එහි වර්තමාන නාමය සීලෙක්ස් ඉංජිනියරින් (පුද්ගලික) සමාගම (Ceylex Engineering (Pvt.) Ltd.) ලෙස වෙනස් කර ඇත.

(iv) ඉහත ව්‍යාපෘති දෙක සඳහාම ඔවුන් ඉදිරිපත්       කර තිබූ මිල ගණන කිලෝ වොට් පැය එකක් සඳහා රුපියල් දොළහයි සත විසිනවයකි.                   (Rs.12.29/ kWh ).

(v) දැනට මෙම ව්‍යාපෘති දෙක සඳහා අවශ්‍ය ඉඩම් කොටස් (ටෙන්ඩර් කැඳවීමේදී ලබා දී ඇති නිශ්චිත කලාපය ඇතුළත) නිශ්චිතවම හඳුනා ගෙන ඇති අතර, එම ඉඩම් කොටස්වල මිනුම් කටයුතු සිදු කර නිදහස් කර ගැනීමේ/මිලදී ගැනීමේ/අත් පත් කර ගැනීමේ කටයුතු ලං.වි.ම. මඟින් සිදු කර ගෙන යනු ලබයි. යෝජනා කැඳවීමේ ලේඛනයට අනුව ව්‍යාපෘති දෙක සඳහාම ලං.වි.ම. විසින් ඉඩම් ලබා දිය යුතුය.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-08-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks