පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1626/’17
ගරු එස්. සී. මුතුකුමාරණ මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) තඹුත්තේගම රෝහල, උතුරු මැද පළාත් සභාවට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මූලික රෝහල්වලින් එක් රෝහලක් බව දන්නේද;
(ii) එසේ නම්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, තඹුත්තේගම, ගල්නෑව රාජාංගනය, තලාව, ඉපලෝගම සහ නොච්චියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සහ වයඹ පළාතේ මහව, ගල්ගමුව සහ මීගලෑව යන ප්‍රදේශවල රෝගීන් මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා බව පිළිගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මෙම රෝහලේ පළමු වාට්ටුවේ/හදිසි අනතුරු වාට්ටුවේ සාමාන්‍යයෙන් දිනකට නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සංඛ්‍යාව කොපමණද;
(ii) මෙම වාට්ටුවේ ඇති ඇඳන් සංඛ්‍යාව කොපමණද;
(iii) රෝගීන් සඳහා ලබා දී ඇති පහසුකම් පිළිබඳව සෑහීමකට පත්වන්නේද;
(iv) මෙම රෝහල සඳහා පසුගිය වර්ෂයේ නව වාට්ටු සංකීර්ණයක් ඉදිකර ඇති බව දන්නේද;
(v) මේ වනතෙක් එහි වැඩ අවසන් නොකිරීමට හේතුව කවරේද;
(vi) නව ගොඩනැගිල්ලේ වැඩ කටයුතු අවසන් කර එය විවෘත කිරීමට මැදිහත් වන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-08-10
අසන ලද්දේ
ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(ආ) (i) 40කි.
(ii) 22කි.
(iii) නැත.
(iv) ඔව්.
(v) මෙම වාට්ටුවේ රෝගීන් සඳහා අවශ්‍ය වැසිකිළි පහසුකම්, නානකාමර යනාදිය ඉදිකිරීම අලුතින් එකතු කළ යුතු වූ අතර, ඒ සඳහා වෙනම වාස්තු විද්‍යාත්මක හා ඉංජිනේරුමය ඇස්තමේන්තු පිළියෙල කළ යුතු වීම නිසා යම් කාලයක් ගත වී ඇත.
(vi) ඔව්.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-08-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks