පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1616/’17
ගරු හේෂාන් විතානගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රත්නපුර දිස්ත්‍රික්කය තුළ ස්ථානගත කර ඇති යුධ හමුදා කඳවුරු සංඛ්‍යාව කොපමණද;
(ii) එම කඳවුරු ස්ථානගත කිරීමට ස්ථිර ඉඩම් ලබාදී තිබේද;
(iii) ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ආශ්‍රිතව ඇති හමුදා කඳවුර සඳහා ඉඩම් ලබාදී ඇති පදනම කවරේද;
(iv) මෙම ඉඩමේ අයිතිකරු කවුරුන්ද;
(v) මෙම ඉඩම තුළ හමුදා කඳවුරක් ඉදිකිරීම තුළින් ඒ ආශ්‍රිත ජනතාවටත්, චන්ද්‍රිකා වැව දෛනිකව ප්‍රයෝජනයට ගන්නා ජනතාවටත් දැඩි හිරිහැරයක් වන බව පිළිගන්නේද;
(vi) වැව් රක්ෂිතය තුළ ස්ථිර ගොඩනැගිලි ඉදිකිරීමට අදාළ අවසර ලබාගෙන තිබේද;
(vii) එසේ නම්, ඒ සඳහා අවසර ලබා දී ඇති ආයතන කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-09-08
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 07කි.
(ii) ඔව්.
(iii) 1. යුද්ධ හමුදා ගුවන් සංක්‍රමික බළසේනාව (හෙක්ටෙයාර 2.234ක බිම් කොටස)
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ විෂය භාර අමාත්‍යවරයාගේ විධිමත් අනුමැතිය මත ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් 2014 වසරේදී යුද්ධ හමුදාවට භාර දී ඇත.
(ඇමුණුම - i සහ ඇමුණුම - ii) බලන්න.
2. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පාසැල (අක්කර 73ක බිම් කොටස)
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් 1987.09.10 දින අක්කර 61ක්ද, 2001.08.10 දින අක්කර 12ක්ද යුද හමුදාව වෙත භාරදී ඇත. (ඇමුණුම iii සහ ඇමුණුම iv) එම ඇමුණුම් සභාගත* කරමි.
(iv) ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතුව තිබී යුද්ධ හමුදාවට පවරාදී ඇති හෙයින් ඉඩමේ වර්තමාන අයිතිය යුද්ධ හමුදාව සතුවේ.
(v) නැත. මෙම ප්‍රදේශයේ ජනතාව විසින් චන්ද්‍රිකා වැව දෛනිකව ප්‍රයෝජනයට ගන්නා ස්ථානවලින් පරිබාහිර වූ ප්‍රදේශයක හමුදා කඳවුර ස්ථාපිත කර ඇත. මෙම කඳවුර ස්ථාපිත කිරීම තුළින් ප්‍රදේශයේ ජනතාවට හිරිහැරයක් සිදුවන බවට වාර්තා වීමක් නොමැත.
(vi) මෙම කඳවුර වෙත ලබා දී ඇති ඉඩමට යාබදව ඇති චන්ද්‍රිකා වැවෙහි ජල ගැලීම් සීමාව ඇතුළත් වන පරිසර සංවේදී රක්ෂිතය තුළ සංවර්ධන කාර්යන්හිදී අනුගමනය කළ යුතු නිර්ණායකයන්ට අනුව චන්ද්‍රිකා වැවෙහි අධි ජල ගැලුම් සීමාව තුළ ස්ථිර ඉදිකිරීම් සිදුකර නොමැත.
(vii) අදාළ නොවේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-09-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රුවන් විජයවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks