පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0413/’10
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වොක්ෂෝල් වීදියේ, අංක 175 F කොටසෙහි පිහිටි වර්ග අඩි 5079කින් යුත් ගබඩාව, කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටි සමර්විල් කම්පැනි නම් වූ සමාගමට, මාසික කුළිය රු. 66,027/- ක මුදලකට බදු දී ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) අදාළ බදු ගිවිසුම සඳහා රජයේ තක්සේරු වාර්තාව හා අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබාගෙන තිබේද;
(ii) අදාළ බදුකරු විසින් අදාළ බදු ගිවිසුමට අනුව නීත්‍යානුකූලව කටයුතු කර තිබේද;
(iii) එසේ නොමැතිනම්, නැවත අදාළ ගබඩාව ජනතා වතු සංවර්ධන මණ්ඩලය වෙත පවරා ගැනීමට කටයුතු කරන්නේද;
(iv) මෙම බදු ගෙවීමේදී නීත්‍යානුකූලව කටයුතු කර නොමැති නම්, ඒ පිළිබඳ වගකිව යුත්තෝ කවරුන්ද;
(v) ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියා මාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-10-19
අසන ලද්දේ
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks