පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1608/’17
ගරු වාසුදේව නානායක්කාර මහතා, — මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් මිලියන 1.5 දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා 15% ක පොළියක් ලබා දෙන ලෙස දැනුම් දෙමින්, සියලුම බැංකු වෙත චක්‍රලේඛයක් යවා ඇති බවට 2016.11.21 හෝ එයට ආසන්න දිනයකදී පැවති රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී එවකට සිටි මුදල් අමාත්‍යතුමා සඳහන් කළ බවත්;
(ii) එයට වෙනස් ප්‍රකාශයක් කරමින්, අවශ්‍ය උපදෙස් ද සමඟ එතුමා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත එම චක්‍රලේඛ යැවූ බව සහ එකී නියෝගය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපොහොසත් වී ඇතැයි එතුමා සඳහන් කළ බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) රාජ්‍ය බැංකු ඇතුළුව සියලුම බැංකු 2017.01.31 දිනය වනවිට ද එම චක්‍රලේඛය ක්‍රියාත්මක කර නොමැති බවත්;
(ii) ඒ හේතුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිදුවී ඇති පාඩුව රුපියල් ලක්ෂ ගණනක් බවත්;
එතුමා දන්නෙහිද?
(ඇ) (i) අමාත්‍යවරයා විසින් යවන ලද චක්‍රලේඛ බැංකු විසින් නොසළකා හැරීමට පාදක වූ පදනම සහ හේතු කවරේද;
(ii) අමාත්‍යතුමා විසින් 2015 නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවට අනුව, මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය යුතු ව තිබූ දිනය කවරේද;
(iii) අමාත්‍යතුමා විසින් එකී නියෝගය නිකුත් කරන ලද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වන්දිපූරණය කිරීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-05-24
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2016 අය වැය යෝජනාවට අනුව එතෙක් අවුරුදු 60කට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් මිලියන එකක් දක්වා ලබාදුන් සියයට 15ක විශේෂ පොලී අනුපාතය වයස අවුරුදු 55ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් ලියා පදිංචි මූල්‍ය ආයතනවල තැන්පත් කරනු ලබන රුපියල් මිලියන 1.5ක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා ද ලබා දීමට යෝජනා කරන ලදී.
ඒ අනුව, මෙම යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස මුදල් අමාත්‍යාංශය විසින් 2016.02.29 දිනැති ලිපිය මඟින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.
ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2016.04.07 දිනැති ලිපිය මඟින්, යෝජිත ක්‍රමවේදයේ සහ තැන්පත්කරුවන්ගේ තැන්පතුවල ආරක්ෂාව පිළිබඳ ඇති විය හැකි ගැටලු සහගත තත්ත්වය නිසා මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත්, එම ගැටලු නිරාකරණය කරන තෙක් පවතින ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් දැනුම් දෙන ලදී. එම ලිපිය ඇමුණුම ලෙස ඉදිරිපත් කර ඇත. ඒ අනුව, ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු සඳහා එතෙක් පැවති සහනය 2016 වසර පුරා අඛණ්ඩව ලබාදෙන ලදී.
2015 සහ 2016 වසරවලදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදුන් සහන තවදුරටත් පුළුල් කරමින් 2017 අය වැය මඟින් සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකු හරහා වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් මිලියන 1.5ක් දක්වා වූ ස්ථාවර තැන්පතු සඳහා සියයට 15ක විශේෂිත පොලී අනුපාතයක් ලබාදීමට යෝජනා කරන ලදී. ඒ අනුව, 2017.03.01වන දින සිට එම යෝජනාව ක්‍රියාත්මක වන පරිදි අදාළ චක්‍රලේඛය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත.
(ii) ඉහත (අ) (i) පිළිතුර අදාළ වේ.
(ආ) (i) ඉහත (අ) (i) පිළිතුරෙහි අවසාන ඡේදය අනුව අදාළ නොවේ.
(ii) අදාළ නොවේ.
(ඇ) (i) අදාළ නොවේ.
(ii) 2016 වසර තුළ ක්‍රියාත්මක කළ යුතුය.
(iii) වන්දි පූරණය කිරීමේ අවශ්‍යතාවක් පැන නොනඟී.
(ඈ) පැන නොනඟී.
ඇමුණුම සභාගත* කරමි.
පිළිතුරු දුන් දිනය
2017-07-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks