01

E   |     |  

 දිනය: 2017-06-23   පිළිතුර ලබා දී ඇත 

1600/2017: නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර : ආයු කාලය ඉකුත්වීම

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ)          (i)      නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඇති බලාගාර තුනෙහි ආයු කාලය අවසන් වන වර්ෂය කවරේද;

             (ii)      එම බලාගාරයන්හි ආයු කාලය අවසන් වීමෙන් පසු එම බලාගාර තුනෙන් ලැබුණු බලශක්තිය ලබා ගැනීමේ විකල්ප ක්‍රමවේදය කවරේද;

(iii) එම බලාගාරයන්හි නිරන්තරයෙන් මතුවන තාක්ෂණික අර්බුද පිළිබඳව සලකා බැලීමේදී නියමිත කාලයට පෙර එම බලාගාර භාවිතයෙන් ඉවත් කිරීම මඟින් සිදු විය හැකි තත්ත්වය පිළිබඳව, දිගුකාලීන ජනන සැලැසුම් සකස් කරනු ලබන සැලසුම් සම්පාදකයන්ගේ අවධානය යොමු වී තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

 

අසන ලද දිනය

2017-06-23

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       1 වැනි ගල් අඟුරු බලාගාරයේ ආයු කාලය 2041 වර්ෂයේදී හා 2වෙනි හා 3 වෙනි ගල් අඟුරු බලාගාරවල ආයු කාලය 2044 වර්ෂයේදී ද අවසන්වීමට අපේක්ෂිතය.

                         ගරු කථානායකතුමනි, මෙම ගල් අඟුරු බලාගාරවල ආයු කාලය පිළිබඳ අපි නිගමන කරලා තිබෙන්නේ ඒවායේ පිරිවිතර අනුවයි; සම්මත අනුවයි. නමුත්  ගරු මන්ත්‍රීතුමනි, පසු ගිය කාලවල මේ බලාගාරවල විටින් විට සිදුවුණු බිඳවැටීම්, තාක්ෂණික දෝෂ සහ අපේ විදුලි පද්ධතියේ ඇති ආවේණික ගැටලු සලකා බලන විට 2041 සහ 2044 කියන වර්ෂ දක්වාම මේ බලාගාර ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගෙන යෑමට හැකිද කියන ප්‍රශ්නය ස්වාභාවිකව ඕනෑම කෙනෙකුට  මතු වනවා.

ඒ නිසා ඒ ප්‍රශ්නයට පිළිතුර හැටියට කිව හැක්කේ  එතැන ගැටලුවක් තිබෙන බවයි.

(ii) නොරොච්චෝලේ ඉදිකර ඇති ගල් අඟුරු බලාගාර තුනෙහි ආයු කාලය අවසන් වීමෙන් පසු එම බලාගාර තුනෙන් ලැබුණු බලශක්තිය ලබා ගැනීම සඳහා නව ගල් අඟුරු බලාගාර, ස්වභාවික වායු මඟින් ක්‍රියාත්මක වන විදුලි බලාගාර, සූර්ය බලය, සුළං බලය, මුහුදු රළ වාගේම ජෛව ස්කන්ධ ඇතුළත් පුනර්ජනනීය  විදුලි බලාගාර ඉදිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ සම්ප්‍රේෂණ සහ ජනන සැලසුම් ශාඛාව විසින් සැලසුම් පිළියෙළ  කර ඇත.

මේ සැලැස්ම අනුවයි අප කටයුතු කරන්නේ. ඇත්ත වශයෙන්ම මෙම බලාගාරවල ආයු කාලය අවසන් වීමෙන් පසුව නොව, අප ඒවා කල් තියාම සකස් කර ගන්නවා, ගරු මන්ත්‍රීතුමනි. 

(iii) අවධානය යොමු වී ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-09-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks