පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1590/’17
ගරු බිමල් රත්නායක මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) යෝජිත කුරුණෑගල - හබරණ දුම්රිය මාර්ගයේ මුල් සැලැස්ම වෙනස් කිරීමට මෙතරම් කාලයක් ගත වූයේ මන්ද;
(ii) මෙම වෙනස තුළින් ගම්‍ය වන්නේ පරණ සැලැස්ම අසාර්ථක බවද;
(iii) එසේ නම්, එය වටහා ගැනීම සඳහා මෙතරම් කාලයක් ගත වූයේ මන්ද;
(iv) එම වෙනස තුළ නාස්ති කළ මහජන මුදල් සහ ඊට ගොදුරු වූ ජනතාවට එල්ල කළ පීඩනය සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේද;
(v) එම සැලසුම් දෙක සවිස්තර වාර්තා සහිතව වෙන වෙනම ඉදිරිපත් කරන්නේද;
(vi) මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ මූලික අවශ්‍යතාවය කවරේද;
(vii) මෙම දුම්රිය මාර්ගයෙන් දේපල හානිවන්නන්ට වන්දි ගෙවන්නේද;
(viii) එසේ නම්, වන්දි ප්‍රමාණය සහ කොන්දේසි කවරේද;
(ix) මුල් සැලස්මට අනුව දේපල අහිමිවන ජනතාවට අදාළ බිමේ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු කළ නොහැකි වීම, ඉඩම්වල වාණිජ වටිනාකම අඩුවීම සහ ණය වී ඉදි කළ නව නිවාස නඩත්තුව අත්හැරීම වැනි කරුණු හේතුවෙන්, වසර 10කට ආසන්න කාලයක් දැඩි පීඩනයෙන් සිටින බව පිළිගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-09-19
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කුරුණෑගල - හබරණ දුම්රිය මාර්ගය ඉදිකිරීමට අදාළව ශක්‍යතා අධ්‍යනය ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් සිදු කර 2009 දෙසැම්බර් මස ප්‍රවාහන අමාත්‍යායට අදාළ වාර්තාව ලබාදී තිබුණි. ශක්‍යතා අධ්‍යනයෙන් පසු සිදු කළ යුතු පරිසර අධ්‍යයනය, ජල විද්‍යාත්මක අධ්‍යයනය සහ පස් පරීක්ෂා කිරීමේ කටයුතු ද සිදු කර නොතිබූ අතර, ඉඩම් පවරා ගැනීම් ද සිදු කර නොතිබුණි.
2015 වර්ෂයේදී අදාළ අධ්‍යයනයන් ආරම්භ කළ පසු දුම්රිය ඉංජිනේරුවන් සහ පරිසරවේදීන් ක්ෂේත්‍රයේදී කරන ලද පරීක්ෂණ හා තාක්ෂණික කරුණු මත ස්ථාන කිහිපයක දුම්රිය මාර්ග පථය වෙනස් කිරීමට සිදු විය.
(ii) නැත.
2009 වර්ෂයේදී සිදු කරන ලද්දේ ශක්‍යතා අධ්‍යයනයක් පමණක් වන අතර, ඉංජිනේරු සැලසුම් සඳහා අවශ්‍ය ඉංජිනේරු මැනුම්, ජල විද්‍යා අධ්‍යයනය, පස් පරීක්ෂා කිරීම් සහ පරිසර අධ්‍යයනය සිදු කර නොතිබුණි. පරිසර අධ්‍යයනය සහ අනෙකුත් ඉංජිනේරු අධ්‍යයනයන්ට අනුව ශක්‍යතා අධ්‍යයනයෙන් නිර්දේශ කරනු ලබන මාර්ග පථය සමහර ස්ථානවල වෙනස්වීම් සිදුවීමට ඉඩ තිබේ.
(iii) අදාළ නියමිත අධ්‍යයනයන් කිරීමෙන් පමණක් වෙනස් වන ස්ථාන හඳුනාගත හැකි වන අතර, ඒ අනුව අදාළ වෙනස්වීම් කිරීමට කටයුතු කර ඇත.
(iv) මෙහිදී මහජන මුදල් නාස්තිවීමක් සිදුව නොමැති අතර, ශක්‍යතා අධ්‍යයනයෙන් පසු සිදු කළ යුතු ඉතිරි අධ්‍යයන කටයුතු 2015 වර්ෂයේ දී ආරම්භ කිරීමට කටයුතු කර ඇත. ස්ථාන කිහිපයකින් ජනතා විරෝධතා පැන නැඟුණු අතර, ඒවාට විසඳුම් ලබා දෙමින් සැලසුම් සකස් කරමින් පවතී.
(v) ඔව්.
අදාළ වාර්තා ඇමුණුම් 01 සහ 02 ලෙස සලකුණු කර සභාගත* කරමි.
(vi) මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමට 2010 වර්ෂයේ භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා-2030 ප්‍රතිපත්ති සහ සැලසුමෙහි මෙම ව්‍යාපෘතිය ප්‍රධාන දුම්රිය ව්‍යාපෘති ලෙස හඳුනා ගෙන ඇති අතර, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් 2015 වර්ෂයේ සකස් කරන ලද ප්‍රවාහන සැලසුමට ද ඇතුළත්ව ඇත.
මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමත් සමඟ නැගෙනහිර, උතුරු මැද හා මධ්‍යම පළාත සම්බන්ධ වන ප්‍රධාන ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් වන දඹුල්ල නගරය දුම්රිය ජාලයට සම්බන්ධ වන අතර, එමඟින් නැඟෙනහිර පළාත ඇතුළුව අනෙකුත් පළාත්වල පහසු ඉක්මන්, ලාභදායී මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවාවක් ලබාදීමට හැකිවන අතර, එම පළාත්වල මෙම දුම්රිය මාර්ගය නිසා ඉදිවන දුම්රිය ස්ථාන කේන්ද්‍ර කොටගෙන උප නගරවල ආර්ථික සංවර්ධනයන් බලාපොරොත්තු වේ.
මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමත් සමඟ කොළඹ සිට මඩකලපුව, ත්‍රිකුණාමලය දක්වා දැනට ගමන් කිරීමට ගතවන කාලය පැය 1යි මිනිත්තු 30කින් පමණ අඩු කිරීමට හැකියාව ලැබෙන අතර, එමඟින් පොදු ප්‍රවාහන සේවයට ජනතාව ආකර්ෂණය කර ගැනීමත් බලාපොරොත්තු වේ. මෙම දුම්රිය මාර්ගය උතුරු මැද හා මධ්‍යම පළාතේ සංචාරක ආකර්ෂණ ස්ථාන බොහෝමයක් ආසන්නයෙන් ගමන් කරන බැවින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයක්ද බලාපොරොත්තු වේ.
(vii) ඔව්.
(viii) වෙළඳ පොළ තක්සේරුව පදනම් කරගෙන රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව කරනු ලබන තක්සේරුව සලකා බලා, ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ අනෙකුත් රජයේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් "ලාර්ක් " කමිටු පිහිටුවා වන්දි ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වේ. වන්දි ප්‍රමාණය තීරණය කරනු ලබන්නේ, ගොඩනැඟිලිවල වර්ග ප්‍රමාණයන්, ඉඩම්වල ප්‍රමාණයේ වැඩි දියුණු කිරීම් හා වෙනත් බොහෝ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය. කොන්දේසි ලෙස රජයේ අනෙකුත් රෙගුලාසි යොදා ගනී.
(ix) ඔව්.
මිනින්දෝරුවන් මිනුම් සිදුකර පරිහරණකරුවන් හඳුනාගෙන ඉඩම් පවරා ගැනීම් කටයුතු ආරම්භ නොකිරීම නිසා සංවර්ධන කටයුතු සඳහා බාධාවන් සිදුව නොමැති බව දන්වමි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-09-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks