පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු සන්දිත් සමරසිංහ මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා සබරගමුව ප්‍රධාන අමාත්‍යවරයා භාවිතා කරන වාහන සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් වාහනයේ වර්ගය හා අංකය කවරේද;
(iii) එම එක් එක් වාහනයේ නඩත්තු කටයුතු සඳහා වැයකළ මුදල් ප්‍රමාණය වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) ප්‍රධාන අමාත්‍යවරයා විසින් වාහන අවභාවිතාවයක් සිදුකර ඇත්නම්, ඒ සම්බන්ධව අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-06-21
අසන ලද්දේ
ගරු සන්දිත් සමරසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සබරගමු පළාත් ප්‍රධාන ලේකම් විසින් දන්වා එවා ඇති තොරතුරු අනුව ගරු ප්‍රධාන අමාත්‍යතුමා 2015 වර්ෂයේ සිට මේ දක්වා භාවිත කරන වාහන සංඛ්‍යාව 03කි.
(ii) එම එක් එක් වාහනයේ වර්ගය හා අංකය පහත දක්වා ඇත.
|
අනු අංකය |
වාහන අංකය |
වාහන වර්ගය |
|
01 |
SG KQ - 5418 |
Toyota ජීප් රථය |
|
02 |
SG KX - 5230 |
Land Rover Discovery ජීප් රථය |
|
03 |
SG JN - 0587 |
Volvo කාර් රථය |
(iii) එක් එක් වාහනයේ නඩත්තු කටයුතු සඳහා වැය කළ මුදල් ප්‍රමාණය පහත දැක්වේ.
|
අනු අංකය |
වාහන අංකය |
2015 වර්ෂයේ වියදම |
2016 වර්ෂයේ වියදම |
2017 වර්ෂයේ වියදම |
|
01. |
SG KQ - 5418 |
රුපියල් 3,021,635.52 (රුපියල් තිස්ලක්ෂ විසිඑක්දහස් හයසිය තිස්පහයි ශත පනස්දෙකයි.) රුපියල් 906,297.84ක -(රුපියල් නවලක්ෂ හයදහස් දෙසිය අනූහතයි ශත අසූහතරක) මුදලක් රක්ෂණ වන්දි ලෙස ලැබී ඇත. |
රුපියල් 2,045,591.68 (රුපියල් විසිලක්ෂ හතළිස්පන්දහස් පන්සිය අනූඑකයි ශත හැට අටයි.) |
රුපියල් 1,587,289.90 (රුපියල් පහළොස් ලක්ෂ අසූහත්දහස් දෙසිය අසූනවයයි ශත අනූවයි.) රුපියල් 1,416,500.00ක (රුපියල් දාහතරලක්ෂ දහසයදහස් පන්සියයක) මුදලක් රක්ෂණ වන්දි ලෙස ලැබී ඇත. |
|
02. |
SG KX - 5230 |
රුපියල් 3,947,714.65 (රුපියල් තිස්නවලක්ෂ හතළිස්හත්දහස් හත්සිය දාහතරයි ශත හැටපහයි.) රුපියල් 2,428,621.94ක (රුපියල් විසිහතරලක්ෂ විසිඅටදහස් හයසිය විසිඑකයි ශත අනූහතරක) මුදලක් රක්ෂණ වන්දි ලෙස ලැබී ඇත. |
රුපියල් 1,107,092.32 (රුපියල් එකොළොස් ලක්ෂ හැත්තෑදහස් අනූදෙකයි ශත තිස්දෙකයි.) |
රුපියල් 561,308.16 (රුපියල් පන්ලක්ෂ හැටඑක්දහස් තුන්සිය අටයි ශත දහසයයි.) |
|
03. |
SG JN - 0587 |
රුපියල් 7,595 (රුපියල් හත්දහස් පන්සිය අනූපහයි.) |
රුපියල් 159,370.39 (රුපියල් එක්ලක්ෂ පනස්නවදහස් තුන්සිය හැත්තෑවයි ශත තිස්නවයයි.) |
-- |
(iv) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-09-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks