01

E   |     |  

 දිනය: 2017-06-09   පිළිතුර ලබා දී ඇත 

1569/2017: තෝප්පූර් ක්‍රීඩා පිටියේ සංවර්ධන කටයුතු: විස්තර

1569/’17

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, තෝපූර් ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම සඳහා මුදල් වෙන් කරන ලද මූලාශ්‍ර කවරේද;

            (ii)       එම එක් එක් මූලාශ්‍ර‍යෙන් වෙන් කරන ලද මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ඒ සඳහා වැය වූ සමස්ත වියදම කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මෙම ක්‍රීඩාපිටිය 2017 ජනවාරි මාසයේ විවෘත කළ බවත්;

(ii) එම සමරු ඵලකයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාක්‍ෂිකයන්ගේ නම් පමණක් සඳහන් කර ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ඇ) (i) මෙම නම් සඳහන් කර ඇති පදනම කවරේද;

(ii) රජය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පළාත් සභා මන්ත්‍රීවරයන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිටියදී, ඔවුන්ගේ නම්, මෙම සමරු ඵලකයේ ඇතුළත් නොකිරීමට හේතු කවරේද;

(iii) මෙම ක්‍රීඩාපිටියට තබා ඇති නම සම්බන්ධයෙන් අදාළ ක්‍රියාපටිපාටි අනුගමනය කර තිබේද;

(iv) රජයේ මුදලින් කරනු ලබන සංවර්ධන කටයුතුවලදී එක් පක්ෂයකට පමණක් ප්‍රමුඛතාවය ලබාදී ප්‍රචාරය ලබාදීම යහපාලනයේ ලක්ෂණයක් ලෙස පිළිගන්නේද;

(v) මෙම වරද නිවැරදි කිරීමට පියවර ගන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-06-09

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      උතුරු නැ‍ඟෙනහිර පළාත් පාලන සේවා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය (NELSIP) හා ක්‍රීඩා අමාත්‍යාංශය.

              (ii)      උතුරු නැ‍ඟෙනහිර පළාත් පාලන සේවා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ (NELSIP) වෙන් කළ ප්‍රතිපාදන ප්‍රමාණය  - රුපියල් 9,536,050.00

                         ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන ප්‍රමාණය -     රුපියල් 3,000,000.00

     (iii)  වැය වූ සමස්ත වියදම - රුපියල් 10,732,654.06 වන අතර, එය පහත  දක්වා ඇත.

             (NELSIP)  වියදම -  රුපියල්   7,979,163.94

             ක්‍රීඩා අමාත්‍යාංශයේ වියදම - රුපියල්   2,753,490.12

(ආ)  (i)   මෙම ක්‍රීඩා පිටිය 2017.01.12 දින විවෘත කර ඇත.

       (ii)   නොදනී.

(ඇ)  (i) හා  (ii)  මෙම ව්‍යාපෘතිය පළාත් සභාව මඟින් ක්‍රියාත්මක කරන ලද බැවින් අදාළ විෂය භාර ගරු අමාත්‍යතුමා විසින් ව්‍යාපෘති සමරු ඵලකය ඉදි කිරීම සඳහා ලබා දුන් උපදෙස් අනුව සිදු කර ඇත.

       (iii)  නැ‍ඟෙනහිර පළාත් මහ ඇමතිතුමා විසින් අනුමත කර ඇත.

       (iv)  නැ‍ඟෙනහිර පළාත් සභාව යහපාලන මූලධර්ම ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින අතර, එම පළාත් අමාත්‍යවරුන් යම් දේශපාලන පක්ෂ  නියෝජනය කළද, සමස්ත පළාත නියෝජනය කිරීමේ වගකීම පැවරී ඇත.

      (v)  අදාළ නොවේ.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2017-08-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks