01

E   |     |  

 දිනය: 2017-05-05   පිළිතුර ලබා දී ඇත 

1541/2017: උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියෙන් පීඩාවට පත් වූ ජනතාව : වන්දි

1541/’17

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත්  බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මේ වනවිට කිසියම් වන්දි ගෙවීමක් සිදුකර තිබේද;

            (ii)      එසේ නම්, එම වන්දිලාභීන්ගේ නම් හා ලිපිනයන් කවරේද;

(iii) එසේ නොමැති නම්, වන්දි ගෙවීම කඩිනම් කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-05-05

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

 

(අ)           (i)      ඔව්.

              (ii)      බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස හානි සඳහා වන්දිලාභින්ගේ විස්තර දැක්වෙන ලැයිස්තු 19ක් ද, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එම විස්තර දැක්වෙන ලැයිස්තු දෙකක්ද මේ සමඟ ඉදිරිපත් කරමි. (ඇමුණුම 01)*

                        තවද, වගා හානි සඳහා වන්දි ගෙවීම පිණිස බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් 702ක්ද, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් 179ක්ද සඳහා අවශ්‍ය මුළු ප්‍රතිපාදනය අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිදහස් කර ඇත. එම වන්දිලාභී ගොවීන්ගේ විස්තර දැක්වෙන බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළ ලැයිස්තු පහක්ද, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළ ලැයිස්තු දෙකක් ද මේ සමඟ අමුණා ඇත. (ඇමුණුම 02)*

(iii) ඉහත (ආ) (ii) පිළිතුර අනුව අදාළ නොවේ.

තවද, අතිගරු ජනාධිපතිතුමා විසින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කරන ලද අංක 17/0071/704/002 හා 2017.01.09 දිනැති "උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උමගේ ඇති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක් වූ නිවාස හිමියන්ට හදිසි ආපදා තත්ත්වය යටතේ සහන සැලසීම" මැයෙන් වූ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ප්‍රකාර බලපෑමට ලක් වූ ජනතාවට වන්දි ගෙවීම ඇතුළු අනෙකුත් සහන සැලසීම කඩිනම් කිරීම සඳහා ජනතා සහන සැලසීමේ සම්බන්ධීකරණ කාර්යාලයක් නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙක් යටතේ 2017 ජනවාරි මස අග සිට බණ්ඩාරවෙල ස්ථාපනය කර ඇත.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2017-05-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks