01

E   |     |  

 දිනය: 2010-08-20   පිළිතුර ලබා දී ඇත 

0405/2010: AIDS patients in SL

0405/’10

ගරු (වෛද්‍ය) රෝහණ පුෂ්පකුමාර මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වූ මුළු ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව කොපමණද;

            (ii)      එයින්, මෙතෙක් මියගිය රෝගීන් සංඛ්‍යාව කොපමණද;

(iii) රුධිර පාරවිලයනය මගින් ඒඩ්ස් රෝගයට ගොදුරු වූ රෝගීන් සංඛ්‍යාව කොපමණද;

(iv) මත්ද්‍රව්‍ය එන්නත් කිරීම මගින් ඒඩ්ස් රෝගයට ගොදුරු වූ රෝගීන් සංඛ්‍යාව කොපමණද;

(v) රෝගී මවගෙන් රෝගය වැලදුනු දරුවන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම ඉදිරිපත් කරන්නෙහිද?

(ආ) (i) සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 2007, 2008 හා 2009 වර්ෂවල ඒඩ්ස් රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා දරන ලද මුළු වියදම මුදලින් කොපමණද;

(ii) ඒඩ්ස් රෝග ව්‍යාප්තිය මර්ධනය සඳහා දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වැඩසටහන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-08-20

අසන ලද්දේ

ගරු (ආචාර්ය) ගරු (වෛද්‍ය) රෝහණ පුෂ්ප කුමාර මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks