පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1519/’17
ගරු එස්. සී. මුතුකුමාරණ මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2014 වර්ෂයේ රුපියල් මිලියන 25 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමේ (විශේෂ) යෝජනා ක්‍රමය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයට කොපමණ මුදලක් ලැබුනේද;
(ii) එම මුදල් යොදවා සිදු කර ඇති කාර්යයන් කවරේද;
(iii) මෙම යෝජනා ක්‍රමය යටතේ ස්වයං රැකියාලාභීන් සඳහා මිලදී ගෙන මේ වනවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉතිරි වී ඇති භාණ්ඩ ප්‍රමාණය සහ ඒවායේ වටිනාකම, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) ස්වයං රැකියාලාභීන් නිර්දේශ කරන ලද්දේ තුලානේ සංවර්ධන නිලධාරියා විසින් බව පිළිගන්නේද;
(v) ඉතිරි භාණ්ඩ ස්වයං රැකියාලාභීන්ට බෙදා අවසන් කරනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-05-04
අසන ලද්දේ
ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) රුපියල් මිලියන 175කි.
(ii) යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති
සමාජ සුබසාධන ව්‍යාපෘති
ජීවනෝපාය ආශ්‍රිත කර්මාන්ත/ව්‍යාපෘති වැඩිදියුණු කිරීම සඳහා පහසුකම් සැපයීම හා අභිප්‍රේරණ සඳහා භාණ්ඩ හා උපකරණ ලබාදීම.
(iii) සියලුම භාණ්ඩ මේ වනවිට ප්‍රතිලාභින් අතර බෙදා අවසන් කර ඇත.
(iv) ඔව්.
ප්‍රතිලාභින් නියෝජනය කරන ආසනයේ දේශපාලන අධිකාරිය විසින් යොජනා කරන ලද ජීවනෝපාය ආශ්‍රිත කර්මාන්ත සඳහා අදාළ ව්‍යාපෘති වාර්තාව ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය සහිතව දිස්ත්‍රික් ලේකම් වෙත ලැබීමෙන් අනතුරුව ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ විසින් ව්‍යාපෘති වාර්තාව අනුමත කොට ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කරන ලදී. ඒ අනුව දේශපාලන අධිකාරිය විසින් යෝජනා කරන ලද ප්‍රතිලාභින් අතුරින් සුදුසු ප්‍රතිලාභින් තුලානේ ආර්ථික සංවර්ධන නිලධාරි විසින් නිර්දේශ කර ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය සඳහා යොමු කරන ලදී.
(v) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-05-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නිමල් ලාන්සා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks