පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— විදේශ රැකියා අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2016.12.31 දිනට විදේශයන්හි සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) 2014.12.31 සහ 2015.12.31 දිනට සාපේක්ෂව, 2016.12.31 දිනට විදේශයන්හි ශ්‍රී ලාංකික සේවා නියුක්තියෙහි ඉහළ යෑම වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-06-20
අසන ලද්දේ
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ රැකියා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති පුද්ගලයින්ගේ දත්ත සහ ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව මඟින් ලබා දෙන දත්ත ගැළපීම අනුව, 2016.12.31 දිනට විදේශයන්හි සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 1,189,359ක් වේ.
(ii) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති පුද්ගලයින්ගේ දත්ත සහ ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව මඟින් ලබා දෙන දත්ත ගැළපීම අනුව,
* 2014.12.31 දිනට විදේශයන්හි සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 914,867ක් වන අතර, 2015.12.31 දිනට විදේශයන්හි සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 942,729ක් වේ.
* 2014.12.31 දිනට සාපේක්ෂව 2016.12.31 දිනට විදේශයන්හි ශ්‍රී ලාංකික සේවා නියුක්තියෙහි ඉහළයාම 274,492ක් වන අතර, 2015.12.31 දිනට සාපේක්ෂව 2016.12.31 දිනට විදේශයන්හි ශ්‍රී ලාංකික සේවා නියුක්තයෙහි ඉහළයාම 246,630ක් වේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-06-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks