පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1495/’16
ගරු වාසුදේව නානායක්කාර මහතා,— වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) යාන්ඔය ව්‍යාපෘතිය සඳහා අවට පදිංචි ප්‍රදේශවාසීන්ගේ ඉඩම් අත්කර ගැනීම හේතුවෙන් පාරම්පරික වැව් 07 ක්, ගේදොර සහ කුඹුරු මෙම ජලාශයට යටවීම නිසා එම පිරිස ඉඳුම් හිටුම් නොමැතිව අසරණ තත්ත්වයට පත්වී ඇති බවත්;
(ii) ප්‍රදේශවාසීන්ගේ විරෝධය නොතකා ජන ජීවිතයට නුසුදුසු කජුවත්ත ප්‍රදේශයේ විශාල ඝන වනාන්තරයක් ඔවුන්හට බෙදා දීමට නිලධාරින් විසින් කටයුතු කරන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ප්‍රදේශවාසීන් විසින් මල්පෝරුව ගම්මානය අසල, දකුණු ඇළට යාබදව, ජලාශයට යටනොවූ ඉඩම් අක්කර 600ක ප්‍රමාණයෙන් අක්කර 200ක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවත්;
(ii) ඒ අනුව, විෂය භාර අමාත්‍යවරයා අදාළ නිලධාරින් සමඟ පැමිණ ඉහත කී ඉඩමෙන් අක්කර 200ක ගොඩ ඉඩම් හැකි ඉක්මනින් එම ජනතාවට ලබාදෙන ලෙස ඔවුන්ට උපදෙස් දුන් බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ඇ) එසේ වුවද, මේ දක්වා ඔවුන්ට පදිංචිය සඳහා ඉඩම් නොලැබී ඇති බැවින්, ඉහත ආ (ii) හි තීරණය අනුව වහාම ඉඩම් ලබා දීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-07-28
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මම දන්නෙමි.
එහෙත්, කිසිදු පදිංචිකරුවෙකු ඉඳුම් හිටුම් නොමැතිව අසරණ තත්ත්වයට පත් වී නැත.
ඔවුන්ගේ ඉඩම් හා දේපළ නිසි පරිදි තක්සේරු කර වන්දි ගෙවීමටත් ඊට අමතරව නිවාස හා වගාබිම් අහිමි වන අයට අලුතින් සංවර්ධනය කරන වාරි ඉඩම් අක්කර 1 1/2 බැගින් හා ගොඩ ඉඩම් අක්කර 1 බැගිනුත් නිවාස සඳහා රුපියල් ලක්ෂ 8ක අවමයකට යටත්ව ප්‍රතිස්ථාපන පිරිවැයක් ගෙවීමටත් කටයුතු කෙරෙමින් පවතී.
(ii) නොදනිමි.
නමුත්, කජුවත්ත හා මයිලෑව අතර පිහිටි ප්‍රදේශය පරිසර ඇගයීම් වාර්තාවේ අනුමත වුණ ප්‍රදේශයක් බවත්, දැනටමත් පවුල් 55ක් එහි පදිංචියට යෑමට එකඟතාවය පළකර ඇති බවත් මම දනිමි.
එම නිවාස දැනට ඉදිකෙරෙමින් පවතින බවත් දනිමි.
(ආ) (i) මුලින් නිවසක් තනා ගැනීමට ගොඩ ඉඩම් කැබැල්ලක් ඉල්ලූ බවටත්, පසුව වරින් වර තවත් ඉල්ලීම් වැඩි වූ බවත් දනිමි.
(ii) නැත.
මම වාරිමාර්ග අමාත්‍යවරයා වශයෙන් මල්පෝරුව ගම්මානයට ගොස් අක්කර 50ක් ලබා දෙන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත. ඒ සඳහා ඔවුන් වාචිකව එකඟ වී ඇත.
(ඇ) මල්පෝරුව ප්‍රදේශයෙන් අක්කර 50ක් පමණක් නිදහස් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකඟ වූ බැවින්, ප්‍රධාන පවුලකට අක්කර 1/2 බැගින් හා අනු පවුල් සඳහා අක්කර 1/4 බැගින් ලබා දීමට එම ගම්වාසින් සමඟද එකඟතාවකට පැමිණ ඇත. දැනට ඒ අනුව ඉදිරි කටයුතු කෙරෙමින් පවතී. එම ඉඩම් ඉතා ඉක්මනින් අදාළ ජනතාව වෙත ලබා දීමට කටයුතු කරමි.
(ඈ) ඉහත පිළිතුරු අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-11-15
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විජිත් විජයමුණි සොයිසා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks