පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1448/’16
ගරු බුද්ධික පතිරණ මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රාගම නගරය සංවර්ධනය සඳහා සැලසුම් සකස් කර තිබේද;
(ii) එසේ නම්, ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල කොපමණද;
(iii) සංවර්ධන කටයුතු ආරම්භ කරනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) නගර සංවර්ධනයේදී රාගම නගරයට එක්වන නව අංග කවරේද;
(ii) එම ඉදිකිරීම් සඳහා ටෙන්ඩර් කැඳවා තිබේද;
(iii) එසේ නම්, එම දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-05-04
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නාගරික සංවර්ධන අධිකාරිය
කෙටුම්පත් සංවර්ධන සැලැස්මක් සකස් කර ඇත.
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව
ඉහළගම පිහිටි පොල්ගහ වැව සංවර්ධනය සහ පාරිසරික සංවර්ධනය සඳහා රුපියල් මිලියන 155ක ඇස්තමේන්තුවකින් යුතු ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කර ඇත.
මීට අමතරව කළු ඔය ගංවතුර පාලනය සහ පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු කරගෙන යනු ලබන අතර ඉඩම් අත්පත් කර ගැනීම අවසන් කරන ලද ඉඩම්වල ජලාපවහන වැඩිදියුණු කිරීමේ කටයුතු කරගෙන යනු ලබයි.
(ii) නාගරික සංවර්ධන අධිකාරිය
ව්‍යාපෘති හඳුනාගෙන ප්‍රමුඛතා ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තු සකස් කරමින් පවතී.
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව
පොල්ගහ වැව සංවර්ධනය සහ පාරිසරික සංවර්ධනය සඳහා 2017 වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 50ක් මහා භාණ්ඩාගාරය විසින් අනුමත කර ඇත.
කළු ඔය ගංවතුර පාලනය සහ පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය සඳහා 2017 වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 50ක් මහා භාණ්ඩාගාරය විසින් වෙන්කර ඇත.
(iii) ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව
වැසි ජලාපවහන පද්ධතිය සංවර්ධනය කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.
මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතිය ඉඩම් සංවර්ධනය අවසන් කර ඇති අතර, ආයෝජකයින් හඳුනා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතී.
(ආ) (i) බහු-මහල් සාප්පු සංකීර්ණයක්
ජල තටාක, ශරීර සුවතා මධ්‍යස්ථාන ඇතුළු රජයේ සේවකයින් සඳහා මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතිය
වැසි ජලාපවහන පද්ධතිය සංවර්ධන ව්‍යාපෘතිය
ළමා ක්‍රීඩා උද්‍යානය
මාර්ග සංවර්ධනය හා වැඩිදියුණු කිරීම්
ජලාපවහන පද්ධතිය පිළිසකර කිරීම හා වැඩිදියුණු කිරීම
ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති
වාහන නැවතුම් ඉඩකඩ සංවර්ධනය
විවෘත භූමි හා රැස්වීම් ශාලා සංවර්ධනය
දුම්රිය ස්ථානය සංවර්ධනය
දුම්රිය ස්ථානය හා යෝජිත බහු-මහල් සාප්පු සංකීර්ණය යා කරන මගී පාලම සංවර්ධන ව්‍යාපෘතිය
(ii) ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව - නිවාස ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් පත්‍රිකා සකස් කරමින් පවතී.
ජලාපවහන පද්ධතිය ක්‍රියාත්මක කරමින් පවතී.
වැව හෑරීමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී.
(iii) බහු-මහල් සාප්පු සංකීර්ණය, දුම්රිය ස්ථානය හා බහු-මහල් සාප්පු සංකීර්ණය යාකෙරෙන මගී පාලම සංවර්ධන ව්‍යාපෘති 2018 වර්ෂයේ ආරම්භ කිරීමට යෝජිතය. අනෙකුත් ව්‍යාපෘති ඊට සමගාමීව ආරම්භ කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් පවතී.
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව - රජයේ සේවකයින් සඳහා වන මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු 2017 මැයි මස තුළ හඳුනාගත හැක. ජූනි මස සිට ඉදිකිරීම් ආරම්භ කිරීමට කටයුතු කළ හැක.
(ඇ) අදාළ නැත.
පිළිතුරු දුන් දිනය
2017-05-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ලසන්ත අලගියවන්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks