01

E   |     |  

 දිනය: 2017-08-10   පිළිතුර ලබා දී ඇත 

1411/2017: ආනයනය කරනු ලැබූ ස්වර්ණාභරණ සඳහා පැනවූ සෙස් බද්ද: මුළු ආදායම

1411/’16

ගරු බන්දුල ගුණවර්ධන මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2016 අයවැයෙහි අංක 179 යෝජනාවට අනුව, ආනයනය කරනු ලැබූ ස්වර්ණාභරණ සඳහා පැනවූ 10%ක සෙස් බද්ද මඟින් රැස්කළ මුළු බදු ආදායම කොපමණද;

            (ii)       එකී සෙස් බද්ද දේශිය ශිල්පීන් සුරැකීම සඳහා යොදාගත් ආකාරය කවරේද;

(iii) වර්ෂ 1977 සිට මේ දක්වා එක් එක් වර්ෂයේදී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ස්වර්ණාභරණවල වටිනාකම සහ ප්‍රධාන ආනයනකරුවන් 20 දෙනාගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;

(iv) ශ්‍රී ලංකාවට ස්වර්ණාභරණ ආනයනය කරන්නේ නම්, ඒවායේ ප්‍රධාන සැපයුම්කරුවන් කවුරුන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-08-10

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      අය වැය යෝජනා අනුව ආනයනය කරනු ලබන ස්වර්ණාභාරණ සඳහා පනවන ලද සියයට 10 සෙස් බද්ද 2016.01.01 දින සිට ක්‍රියාත්මක විය. මෙමඟින් 2017.08.04වන දින වන විට රුපියල් මිලියන 32.8ක මුදලක් එක්රැස් කරගෙන ඇත.

              (ii)      මෙසේ එක්රැස් කරන ලද සෙස් බද්ද රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරන අතර, ඒකාබද්ධ අරමුදල මඟින් අය වැය ප්‍රතිපාදනයක් ලෙස රුපියල් මිලියන 110ක මුදලක් ස්වර්ණාභරණ කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් පිහිටුවා ඇති මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ ආයතනය වෙනුවෙන් 2017 වර්ෂය සඳහා වෙන් කර ඇත. තවද, 2016 වර්ෂයේදී ද රුපියල් මිලියන 115ක මුදලක් ඒකාබද්ධ අරමුදල මඟින් එම ආයතනය වෙත ලබා දී ඇත.

      (iii) ශ්‍රී ලංකා රේගුවේ දත්ත ලබා ගැනීමේ පහසුව ඇත්තේ 2005 වර්ෂයේ සිට වන බැවින්, එම වසරේ සිට 2017.08.09 දක්වා එක් එක් වර්ෂයේදී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ස්වර්ණාභරණවල වටිනාකම් ඇමුණුම 01හි දක්වා ඇත. 

ඊට අදාළව ප්‍රධාන ආනයනකරුවන් 20දෙනාගේ නාම ලේඛනය ඇමුණුම 02 මඟින් ඉදිරිපත් කොට ඇත.

     (iv) ශ්‍රී ලංකාවට ආනයනය කරන ස්වර්ණාභරණවල ප්‍රධාන සැපයුම්කරුවන්ගේ නාම ලේඛනය ඇමුණුම 03 මඟින් ඉදිරිපත් කොට  ඇත. ඇමුණුම් සභාගත* කරමි.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2017-11-15

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks