පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු බන්දුල ගුණවර්ධන මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 අයවැයෙහි අංක 180 යෝජනාවට අනුව, වර්ෂ 2018 දී මැණික් හා ස්වර්ණාභරණ අපනයනය ඇ. එ. ජ. ඩොලර් බිලියන 2 දක්වා ඉහළ නැංවීම සඳහා යම් නිශ්චිත අපනයන ප්‍රවර්ධන වැඩසටහනක් සකසනු ලැබුවේද;
(ii) එසේ නම්, ඒ කවුරුන් විසින්ද;
(iii) ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ අපනයනය බිලියන 2 දක්වා ඉහළ නැංවීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය මඟින් ලබා දෙන දායකත්වයන් හා අනුග්‍රහයන් පැහැදිලි කරන්නේද;
(iv) වර්ෂ 2000 සිට මේ දක්වා ශ්‍රී ලංකාව හා මැඩගස්කරය අතර මැණික් ආනයනය සහ අපනයනය පිළිබඳව ඇතිවී තිබෙන ප්‍රවණතා දැක්වෙන සංඛ්‍යා සටහනක් හා විස්තරයක් ඉදිරිපත් කරන්නේද;
(v) 2016 වර්ෂයේදී ශ්‍රී ලංකාව මැණික් හා ස්වර්ණාභරණ අපනයනය මඟින් ඉපයූ මුළු විදේශ විනිමය ප්‍රමාණය සහ ඒ සඳහා දායකත්වය සැපයූ ප්‍රධාන අපනයනකරුවන් 20 දෙනා කවුරුන්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-08-09
අසන ලද්දේ
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින්.
(iii) ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ අපනයනය ඉහළ නැංවීම වෙනුවෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් 2017 වර්ෂය තුළ ලබා දෙන ලද සහ ලබා දීමට නියමිත දායකත්වයන් පහත පරිදි වේ.
· ශ්‍රී ලංකාව කුරුවින්ද මැණික් සඳහා ලෝකයේ අග නගරය යන තේමාව තවදුරටත් ප්‍රචලිත කිරීම සඳහා උපාය මාර්ගික සහ ආකර්ෂණීය ලෙස වෙළෙඳ කුටි සහිතව ජාත්‍යන්තර ප්‍රදර්ශන සංවිධානය කිරීම.
§ හොංකොං
§ ඇමෙරිකා එක්සත් ජනපදය
§ තායිලන්තය
§ ජපානය
§ ජර්මනිය
§ චීනය
§ එක්සත් රාජධානිය
§ ඉන්දුනීසියාව
· මැණික් ඉල්ලම් ලබා ගැනීමේ නව තාක්ෂණික ක්‍රමෝපායන් හඳුන්වා දීම.
· මැණික් කැපීමේ තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම.
· නව මැණික් සහ ස්වර්ණාභරණ පරීක්ෂා කිරීමේ රසායනාගාරය ගාල්ලේ පිහිටුවීම.
· විදේශ සඟරාවන්හි දැන්වීම් පළ කිරීම (සෙරන්ඩිබ් සඟරාවේ මාසිකව ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ දැන්වීම් සහ ලිපි පළ කිරීමට කටයුතු කිරීම.)
· මැණික් පරීක්ෂා කිරීමේ ජංගම සේවයක් සැපයීම.
· ජාත්‍යන්තරව පිළිගත් මැණික් පරීක්ෂා කිරීමේ රසායනාගාරයක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කරගෙන යාම.
· යාපනය, මහනුවර දිස්ත්‍රික්කවල එවැනි රසායනාගාරයන් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදුකර ගෙන යනු ලබයි.
· රත්නපුරය ප්‍රධාන මැණික් නගරය ලෙස ව්‍යාප්ත කිරීම සඳහා රත්නපුර දෙමුවාවත මැණික් වීදිය සංවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරගෙන යාම.
· දේශීය හා විදේශීය ස්වර්ණාභරණ මිලදී ගන්නා පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගනු වස් අධිකාරියේ ප්‍රමිති මුද්‍රාව සහිත ස්වර්ණාභරණ විකිණීම අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙළ සකස් කිරීම සහ නීතිගත කිරීමට කටයුතු කිරීම.
· මැණික් ආනයනය හා පතල් කැණීම් සඳහා මැඩගස්කරය, ටැන්සානියාව හා ඉතියෝපියාව යන රටවල් සමඟ සාකච්ඡා පැවැත්වීම මගින් අවබෝධතා ගිවිසුම් ඇති කර ගැනීම සඳහා ඉදිරි කටයුතු සංවිධානය කිරීම.
· Facets Sri Lanka සහ Jewels ප්‍රදර්ශනයන්හි ප්‍රධාන අනුග්‍රාහකත්වය සහ සංවිධායකයන් වශයෙන් අදාළ ප්‍රදර්ශන සංවිධානය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම.
(iv) ශ්‍රී ලංකාව හා මැඩගස්කරය අතර මැණික් ආනයන හා අපනයන සම්බන්ධ සාකච්ඡා පවත්වන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාව සහ මැඩගස්කරය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
මේ දක්වා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය යටතේ මැණික් ආනයන හෝ අපනයන සිදු වී නොමැති හෙයින් සංඛ්‍යා සටහනක් ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත.
(v) ශ්‍රී ලංකාව මැණික් හා ස්වර්ණාභරණ අපනයනය මගින් ඉපයූ මුළු විදේශ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 37,039කි.
ඒ සඳහා දායකත්වය සැපයූ ප්‍රධාන අපනයනකරුවන් විසිදෙනා පිළිබඳ තොරතුරු ඇමුණුම (01) ලෙස අමුණා ඇත.
ඇමුණුම සභාගත* කරමි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-10-02
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks