01

E   |     |  

 දිනය: 2017-03-21   පිළිතුර ලබා දී ඇත 

1400/2017: වවුනියාවෙහි නව ආර්ථික කලාපයක් ඇති කිරීමට වෙන් කළ මුදල : වැය විස්තර

1400/’16

ගරු බන්දුල ගුණවර්ධන මහතා,— ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       2016 අයවැයෙහි අංක 172 යෝජනාවට අනුව, වවුනියාවෙහි නව ආර්ථික කලාපයක් ඇති කිරීමට වෙන් කරන ලද රුපියල් මිලියන 200ක ප්‍රතිපාදනය 2016 වර්ෂය තුළ  වැය කළ ආකාරය පිළිබඳ සවිස්තරාත්මක වැය ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේද;

(ii) ඔබ අමාත්‍යාංශයට වෙන් කර දුන් එම මුදලින් 2016.03.31 දිනට පෙර අමාත්‍යාංශය වෙත මුදා හරින ලද මුදල කොපමණද;

(iii) උක්ත ආර්ථික කලාපය සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කරනු ලබන අවස්ථාවේදී හෝ ඉන්පසුව මෙම ව්‍යාපෘතිය පිළිබඳ ශක්‍යතා වාර්තාවක් සකසනු ලැබු‍වේද;

(iv) එසේ නම්, එය ඉදිරිපත් කරන්නේද;

(v) නොඑසේ නම්, ඒ මන්ද;

(vi) 2016 වර්ෂය තුළදී මෙම වැදගත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට, අදාළ පළාත් සභාවෙන් පූර්ණ අනුග්‍රහයක් ලබා ගැනීමට කටයුතු කරනු ලැබුවේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2017-03-21

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      ප්‍රථම අත්තිකාරම් මුදල වශයෙන් ව්‍යාපෘති ඉදිකිරීම් පිරිවැයෙන් 20%ක් මූලික ගෙවීම් කර ඇති අතර, ඉතිරි 80% සඳහා ගෙවීම් සඳහා බැඳීම් ඇති කර ඇත.

               (ii)      ඉදිකිරීම් කොන්ත්‍රාත් අත්සන් කළේ 2016 මාර්තු 31 දිනෙන් පසු බැවින් මහා භාණ්ඩාගාරයෙන් ඊට පෙර මුදල් නිදහස් කර ගැනීමේ අවශ්‍යතාවක් නොවීය.

              (iii)      ඔව්.

              (iv)      ඉදිරිපත් කළ හැක.

(v) පැන නොනඟී.

(vi) ඔව්. එකඟතාව ලබා දී ඇත.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-03-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. හැරිසන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks