පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1389/’16
ගරු බන්දුල ගුණවර්ධන මහතා,— ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 අයවැයෙහි අංක 141 යෝජනාවට අනුව, දේශීය කිරි නිෂ්පාදකයන් සඳහා පැකැට්ටුවකට රුපියල් 30/-ක සහනාධාරයක් ලබා දීමට යෝජනා කළ බව පිළිගන්නේද;
(ii) ඉහත කිරි නිෂ්පාදන සහනාධාරය වෙනුවෙන්, අයවැයෙන් වෙන් කළ රුපියල් මිලියන 1000ක මූල්‍ය ප්‍රතිපාදන උපයෝජනය වූ අයුරු පැහැදිලි කරන්නේද;
(iii) කිරි නිෂ්පාදන සහනාධාරය කවර අමාත්‍යාංශයක් හරහා කවර පුද්ගලයන් හෝ ආයතන වෙත ලබා දුන්නේද;
(iv) වර්ෂ 2005 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් ලීටර් මිලියන කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-06-09
අසන ලද්දේ
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) 2016 වසරේදී - සීමාසහිත මිල්කෝ සමාගම සඳහා රුපියල් 241,363,350.00
සී/ස පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම සඳහා රුපියල් 241,794,345.00
උපයෝජනය වූ මුදල රුපියල් 483,157,695.00
(iii) මෙම සහනාධාරය ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ නිර්දේශය මත මුදල් අමාත්‍යාංශය මඟින් සීමාසහිත මිල්කෝ පුද්ගලික සමාගම හා සී/ස පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම වෙත ලබා දී ඇත.
(iv) වර්ෂ 2005 සිට මේ දක්වා කිරි නිෂ්පාදනය (ලීටර)
2005 - 192,741,600
2006 - 196,623,360
2007 - 202,009,200
2008 - 208,093,090
2009 - 233,316,240
2010 - 247,554,000
2011 - 258,303,600
2012 - 299,250,000
2013 - 329,169,600
2014 - 333,903,600
2015 - 374,443,200
2016 - 384,008,400
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-08-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks