01

E   |     |  

 දිනය: 2017-11-10   පිළිතුර ලබා දී ඇත 

1387/2017: කිරි නිෂ්පාදන යන්ත්‍රොපකරණ ආනයනය: මූල්‍ය ප්‍රතිලාභ

1387/’16

ගරු බන්දුල ගුණවර්ධන මහතා,— ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2016 අය‍වැය යෝජනා අංක 142ට අනුව, කිරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ එකවර ක්ෂය කිරීමේ දීමනාව ලබාගත් පාර්ශ්වයන් කවුරුන්ද;

             (ii)       එකවර ක්ෂය කිරීමේ දීමනා වශයෙන්, එකී එක් එක් ආයතනයක් ලබා ගත් මුල්‍ය ප්‍රතිලාභයන් කොපමණද;

(iii) දේශීය කිරි නිෂ්පාදනය වර්ධනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ආනයනයේදී, 2015 ජනවාරි 01 දිනට පෙර හා 2015 ජනවාරි 01 දිනෙන් පසු ලබා දුන් ආනයන බදු අඩුකිරීම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-11-10

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      නොදනී.

              (ii)      නොදනී.

              (iii)      නොදනී.

(ආ)      ඉහත (අ) යටතේ ඉදිරිපත් කර ඇති (i), (ii) සහ (iii) ප්‍රශ්නවලට අදාළ වන විෂය පද්ධතිය ක්‍රියාත්මක කරන ආයතන මාගේ අමාත්‍යාංශයේ විෂය පථය යටතේ නොමැත.

 

පිළිතුරු දුන් දිනය

2017-11-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. හැරිසන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks