01

E   |     |  

 දිනය: 2017-05-25   පිළිතුර ලබා දී ඇත 

1381/2017: කෘෂි, පශු සම්පත් සහ මත්ස්‍ය සැකසුම් කලාප ව්‍යාපෘති : මූල්‍ය ප්‍රතිපාදන

1381/’16

ගරු බන්දුල ගුණවර්ධන මහතා,— ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2016 අයවැයෙහි අංක 149 යෝජනාවට අනුව, අනුරාධපුර, වව්නියා සහ කිළිනොච්චි දිස්ත්‍රික්කයන්හි කෘෂි හා පශු සම්පත් මත්ස්‍ය සැකසුම් කලාපයන් පිහිටුවීමට රුපියල් මිලියන 100ක් වෙන් කළ බව පිළිගන්නේද;

(ii) මෙම ව්‍යාපෘති තුන සඳහා ශක්‍යතා වාර්තා පිළියෙළ කරනු ලැබුවේ කවුරුන් විසින්ද;

(iii) ඒ අනුව, මෙකී ව්‍යාපෘති තුන සඳහා ඇස්තමේන්තු කළ මුළු පිරිවැය කොපමණද;

(iv) මෙකී ව්‍යාපෘති තුන සඳහා, 2016 වර්ෂාවසානය වනවිට මහා භාණ්ඩාගාරය විසින් ලබා දුන් මූල්‍ය ප්‍රතිපාදනය කොපමණද;

(v) 2017 වර්ෂයට ඉහත ව්‍යාපෘති වෙනුවෙන් ලබා දිය හැකි මූල්‍ය ප්‍රතිපාදනය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-05-25

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ඔව්.

              (ii)       අනුරාධපුරය, වව්නියාව හා කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි ස්ථාපනය කිරීමට යෝජිත කෘෂි හා පශු සම්පත් මත්ස්‍ය සැකසුම් කලාප සඳහා ශක්‍යතා අධ්‍යයනයන් අමාත්‍යාංශයට සම්බන්ධ උපදේශකයින් මගින් පිළියෙළ කරගෙන ඇත.

             (iii)      එක් එක් ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුළු පිරිවැය පහත පරිදි වේ.

      කිලිනොච්චි මත්ස්‍ය සැකසුම් කලාපය රුපියල් මිලියන 40

      අනුරාධපුර කෘෂි කලාපය රුපියල් මිලියන 30

වව්නියාව පශු සම්පත් කලාපය රුපියල් මිලියන 30

   එකතුව රුපියල් මිලියන 100

(iv) 2016 වර්ෂය සඳහා මෙම අය වැය යෝජනාව සහ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන අනෙක් අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 200ක අත්තිකාරම් ප්‍රතිපාදනයක් භාණ්ඩාගාරය විසින් ලබා දෙන ලදී.

(v) 2016 වර්ෂයේදී මෙම ව්‍යාපෘතිවල මූලික සැලසුම් කටයුතු සිදු කළ අතර, එය ක්‍රියාත්මක කිරීම සඳහා 2017 වර්ෂයේ රුපියල් මිලියන 100ක සම්පූර්ණ ප්‍රතිපාදන මුදලම භාණ්ඩාගාරයෙන් ලැබී ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-11-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දයා ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks