පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1370/’16
ගරු බන්දුල ගුණවර්ධන මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 අයවැය යෝජනාවන්ට අනුව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය විධිමත් කිරීමට අවශ්‍ය "නියාමන අධිකාරියක්" පිහිටවනු ලැබුවේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
(iii) ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ලියාපදිංචි කිරීමේදී රු. 25,000/-ක ගාස්තුවක් ගෙවිය යුතුද;
(iv) සුළු හා මධ්‍ය පරිමාණ අංශය මුහුණ දෙන ගැටලු අධ්‍යයන කිරීම සඳහා උපදේශක කමිටුවක් පිහිටවනු ලැබුවේද;
(v) එසේ නම්, එම කමිටුවෙහි සාමාජිකයන් කවුරුන්ද;
(vi) සුළු හා මධ්‍ය පරිමාණ ණය ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා 2016 වර්ෂයේදී, රුපියල් මිලියන 500 ක මූලික අරමුදලක් රජය මඟින් ලබා දුන්නේද;
(vii) සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයට සහනදායී පොලී අනුපාත යටතේ මූල්‍ය පහසුකම් සැපයීමට ආධාරයක් වශයෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් මිලියන 100ක ණය පහසුකමක් ලැබුනේද;
(viii) ආසියානු සංවර්ධන බැංකු ණය පහසුකම යටතේ, ණය ලබා දුන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නම් හා ලිපිනයන් ඇතුළත් ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-05-05
අසන ලද්දේ
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2016 අය වැය යෝජනාවන්ට අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නියාමනය කිරීමට යෝජනා වුවද, එම කාර්යය ශ්‍රී ලංකා මහ බැංකුව හරහා ඉටු කිරීමට හැකි බැවින් කඩිනමින් එවැනි අධිකාරියක් පිහිටුවීමේ අවශ්‍යතාවක් පැන නැඟුණේ නැත.
(ii) අදාළ නොවේ.
(iii) නැත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් කලින් කලට නිශ්චය කරනු ලබන ලියා පදිංචි ගාස්තු හා වාර්ෂික බලපත්‍ර ගාස්තු අය කිරීමට 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනතේ විධිවිධාන මඟින් කටයුතු සලසා ඇත.
(iv) නැත.
(v) අදාළ නොවේ.
(vi) නැත.
(vii) නැත.
(viii) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-07-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks