පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1351/’16
ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) දුම්රිය දෙපාර්තමේන්තුව සතු මුළු ඉඩම් ප්‍රමාණය, එක් එක් නගරය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) ඉහත (අ)හි සඳහන් මුළු ඉඩම් ප්‍රමාණයෙන් බදු පදනම යටතේ හෝ අන් කවර හෝ පදනමක් යටතේ මේ වනවිට දෙපාර්තමේන්තු භාවිතයෙන් ඉවත්ව ඇති ඉඩම් වලට අදාළ,
(i) වපසරිය;
(ii) භූගෝලීය බලප්‍රදේශය;
(iii) පදනම;
(iv) දෙපාර්තමේන්තු භාවිතයෙන් ඉවත් වූ දිනය;
අනුව වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීමට, විකිණීමට හෝ දෙපාර්තමේන්තු පාලනයෙන් බැහැර කිරීම සඳහා මේ වනවිට කිසියම් තීරණයක් ගෙන තිබේද;
(ii) එසේ නම්, එම ඉඩම් කවරේද;
(iii) අදාළ ඉඩම් බැහැර කිරීමේ පදනම කවරේද;
(iv) බදු පදනම යටතේ බැහැර කොට ඇති ඉඩම් පර්චස් එකක් සඳහා දැනට අය කෙරෙන මාසික බදු මුදල කොපමණද;
(v) බදු ගෙවීම පැහැර හැර ඇති ඉඩම් සංඛ්‍යාව කොපමණද;
(vi) බදු ගෙවීම පැහැර හරින්නන් සම්බන්ධයෙන් ගනු ලබන නෛතික පියවර කවරේද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-03-10
අසන ලද්දේ
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) දුම්රිය දෙපාර්තමේන්තුව සතු මුළු ඉඩම් ප්‍රමාණය අක්කර 14,129 පමණ වේ.
එක් එක් නගරය අනුව වෙන් වෙන් වශයෙන් දක්වන ලද සටහනක් තිබෙනවා. එම ඇමුණුම 1හි දැක්වේ. ඇමුණුම 1 සභාගත* කරමි.
(ආ) ඉහත (අ) හි සඳහන් මුළු ඉඩම් ප්‍රමාණයෙන් බදු පදනම යටතේ හෝ අන් කවර හෝ පදනමක් යටතේ මේ වන විට දෙපාර්තමේන්තු භාවිතයෙන් ඉවත්ව ආති ඉඩම්වලට අදාළ;
(i) වපසරිය;
(ii) භූගෝලීය බල ප්‍රදේශය;
(iii) පදනම;
(iv) දෙපාර්තමේන්තු භාවිතයෙන් ඉවත් වූ දිනය;
|
වපසරිය |
භූගෝලීය බල ප්‍රදේශය |
පදනම |
දෙපාර්තමේන්තු භාවිතයෙන් ඉවත් වූ දිනය |
||
|
අක් |
රූඩ් |
පර්. |
|
|
|
|
1934 |
01 |
32.61 |
දුම්රිය රක්ෂිත පවතින සියලුම ප්‍රදේශ |
බදු පදනම |
බදු පදනම මත ලබා දී ඇති බැවින් භාවිතයෙන් ඉවත් වී නැත |
|
03 |
01 |
39.17 |
රත්මලාන |
බදු පදනමින් තොරව |
නාගරික සංවර්ධන අධිකාරිය 2012.02.17 |
|
01 |
01 |
07.55 |
බැස්ටියන් මාවත (පාවෙන වෙළෙඳ සංකීර්ණය |
|
ප්‍රාදේශීය ලේකම් (කොළඹ)2014.02.12 |
|
09 පමණ |
|
|
ට්රිපොලි ඉඩම |
|
නාගරික සංවර්ධන අධිකාරිය 2013.01.22 |
|
05 |
00 |
30.9 |
දෙමටගොඩ (මිහිඳුසෙන් පුර) |
|
ප්‍රාදේශීය ලේකම් (තිඹිරිගස්යාය) 2017.07.17 |
|
1 |
0 |
03.64 |
දෙමටගොඩ (මිහිඳුසෙන් පුර පළල පාර) |
|
නාගරික සංවර්ධන අධිකාරිය 2012.09.10 |
|
03 |
00 |
39.7 |
මාලිගාවත්ත (ශ්‍රී සද්ධර්ම මාවත) |
|
(කොළඹ) 2014.08.08 |
|
07 |
0 |
02.45 |
මාලිගාවත්ත (ශ්‍රී සද්ධර්ම මාවත) |
|
නාගරික සංවර්ධන අධිකාරිය |
|
0 |
0 |
29.81 |
ඩී.ආර්. විජේවර්ධන මාවත(නෙලුම් කුළුණ) |
|
නාගරික සංවර්ධන අධිකාරිය 2012.02.29 |
|
0 |
03 |
30.4 |
කොම්පඤ්ඤ වීදිය |
|
නාගරික සංවර්ධන අධිකාරිය |
|
|
|
|
බණ්ඩාරවෙල බස් නැවතුම් පොළ |
|
|
(ඇ) (i) බදු දීම:- දුම්රිය සංවර්ධනය සඳහා වහාම අවශ්‍ය නොවන ඉඩම් අදාළ විධිවිධාන පරිදි වසර 05ක උපරිමයකට යටත්ව බදු ලබා දීම සඳහා කටයුතු කර ගෙන යනු ලබයි.
ඔබතුමා දන්නවා ඇති, දුම්රිය ආඥා පනත යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් විකිණීමට පුළුවන්කමක් නැහැයි කියලා. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට පුළුවන්කම තිබෙන්නේ අවුරුදු 05ක උපරිම කාලයකට බදු දීම පමණයි. ඒක පමණයි කරන්නේ.
* එසේම අමප/16/0512/709/028 හා 2016.04.07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යයන් සඳහා අවශ්‍ය නොවන ඉඩම් එම ඉඩම්වල වසර 10කට වැඩි කාලයක් ව්‍යාපාරික කටයුතුවල හා අනවසර පරිහරණයේ යෙදෙන දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ විධිමත් බදු ගිවිසුමකින් බැඳී නොමැති පුද්ගලයන්ට රජයට ආදායමක් ලැබෙන පරිදි ඔවුන් පරිහරණය කරන ලද කාලයට අදාළව හිඟ මුදල් අය කර බදු දීමට තීරණය කර ඇත. එබැවින් ඒ අනුව ද පරිහරණ හඳුනාගැනීමේ වැඩසටහන් ආරම්භ කර, පොළොන්නරුව හා බදුල්ල දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි පරිහරණකරුවන් හඳුනාගැනීමේ වැඩසටහන් පවත්වා අවසන් කර ඇත. එහිදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පරිහරණකරුවන් 1,600ක් හා බදුල්ල දිස්ත්‍රික්කයේ පරිහරණකරුවන් 678ක් හඳුනාගෙන ඇත. දෙපාර්තමේන්තු ක්‍රමවේදය අනුව එයින් බදු ලබා දිය හැකි ඉඩම් බදු ලබා දීම සඳහා ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතය.
* දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් විකිණීමට කටයුතු කර නොමැත.
* දෙපාර්තමේන්තු පාලනයෙන් බැහැර කිරීම:-
රටේ පොදු සංවර්ධන කටයුතු සඳහා හඳුනාගත් දුම්රිය සංවර්ධනයට වහාම අවශ්‍ය නොවන ඉඩම් සඳහා ලබාගත් ප්‍රතිපත්තිමය තීරණ අනුව නාගරික සංවර්ධන අධිකාරිය වැනි ආයතන වෙතට ලබා දීමට තීරණය කර ඇත.
(ii) I බදු දීම:- දුම්රිය රක්ෂිත පවතින සියලුම ප්‍රදේශවල වසර 05ක උපරිමයකට යටත්ව බදු ලබා දී ඇති ඉඩම් ලිපිගොනු 8,897ක් පවතින අතර, (ඇමුණුම ii) එම තොරතුරු තවදුරටත් යාවත්කාලීන කරමින් පවතී. ඇමුණුම ii සභාගත* කරමි.
II දෙපාර්තමේන්තු පාලනයෙන් බැහැර කිරීම:-
* හැටන් නගර සංවර්ධනයට අදාළ අක්කර 01 පර්චස් 14.1 ඉඩම - නාගරික සංවර්ධන අධිකාරිය වෙතට
* ගම්පොළ, ගඟසිරිපුර ව්‍යාපෘතියට අදාළ අක්කර 02 රූඩ් 02 පර්චස් 35.3 ඉඩම - නාගරික සංවර්ධන අධිකාරිය වෙතට
*සභාමේසය මත තබන ලද පිළිතුරේ ඉතිරි කොටස:
சபாபீடத்தில் வைக்கப்பட்ட விடையின் எஞ்சிய பகுதி:
Rest of the Answer tabled:
* පිබිදෙමු පොළොන්නරු ව්‍යාපෘතියට අදාළ අක්කර 03 පර්චස් 17.9 ඉඩම - නාගරික සංවර්ධන අධිකාරිය වෙතට
* මීරිගම නගර සංවර්ධනයට අදාළ ඉඩම - නාගරික සංවර්ධන අධිකාරිය වෙතට
* රඹුක්කන නගර සංවර්ධනයට අදාළ ඉඩම
(iii)
* හැටන් නගර සංවර්ධනයට අදාළ ඉඩම - අමප/16/1534/724/061 හා 2016.08.24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි
* ගම්පොල, ගඟසිරිපුර ව්‍යාපෘතියට අදාළ ඉඩම - අමප/16/1370/724/054 හා 2016.08.02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි
* පිබිදෙමු පොළොන්නරු ව්‍යාපෘතියට අදාළ ඉඩම , මීරිගම නගර සංවර්ධනයට අදාළ ඉඩම සහ රඹුක්කන නගර සංවර්ධනයට අදාළ ඉඩම - රජයේ සංවර්ධන ප්‍රතිපත්තීන්ට අනුව
(iv) රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මඟින් ලබා දෙන තක්සේරු වටිනාකම මත තීරණය වේ.
(v) ඉඩම් අක්කර - 1,748 රූඩ් - 01 පර්චස් - 38.76
(vi) පළමුව හිඟ බදු අයකර ගැනීමට කටයුතු කරන අතර, එම අයකර ගැනීම කඩිනම් කිරීමට හා ගෙවීම් පහසු කරවීම සඳහා බදු මුදල් කොටස් වශයෙන් අයකර ගැනීමට අමප/17/1040/709/042 හා 2017 ජූනි මස 07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් අනුමැතිය ලබා ගන්නා ලදී.
* ඒ අනුව හිඟ බදු මුදල රු. 100,000/- නොඉක්මවන අවස්ථාවන්හිදී සමස්ත හිඟ බදු මුදලින් 50%ක් එකවරද, ඉතිරි 50% පවත්නා වර්ෂයේ බදු මුදලට එකතු කර උපරිම වශයෙන් එක් වර්ෂයක් තුළදී ගෙවීමට.
* හිඟ බදු මුදල රු. 100,000/- සිට රු. 1,000,000/- නොඉක්මවන අවස්ථාවන්හිදී සමස්ත හිඟ බදු මුදලින් 50%ක් එකවරද, ඉතිරි 50% පවත්නා වර්ෂයේ බදු මුදලට එකතු කර උපරිම වශයෙන් වර්ෂ 02ක් තුළදී ගෙවීමට.
* හිඟ බදු මුදල රු. 1,000,000/- නොඉක්මවන අවස්ථාවන්හිදී සමස්ත හිඟ බදු මුදලින් 50%ක් එකවරද, ඉතිරි 50% පවත්නා වර්ෂයේ බදු මුදලට එකතු කර උපරිම වශයෙන් වර්ෂ 03ක් තුළදී ගෙවීම.
ඉහත පරිදි හිඟ බදු මුදල් නොගෙවන හෝ මූලික 50%ක මුදල පමණක් ගෙවා ඉතිරි මුදල නිශ්චිත කාලය තුළදී සම්පූර්ණයෙන් ගෙවා නිම නොකර පැහැර හරින පරිහරණකරුවන්ට රජයේ ඉඩම් සන්තකය ආපසු පවරා ගැනීමේ පනත යටතේ නීත්‍යනුකූලව කටයුතු කර නෙරපා හැරීමට ඉන් අනතුරුව කටයුතු කරනු ලබයි.
* එහිදී උක්ත නිවේදන යොමු කර දින 14කට පසුව පළමු සිහිකැඳවීම ද, ඉන් දින 14කට පසුව දෙවන සිහිකැඳවීම ද යොමු කරනු ලබයි.
* ඉන්පසු අවසන් නිවේදනය දුම්රිය ආරක්ෂක අංශය මඟින් අතින් භාරදීමට කටයුතු කරයි.
* එම නිවේදන අනුවද ගෙවීම පැහැර හරින්නේ නම්, හිඟ අයකර ගැනීමට හා රක්ෂිතය පවරා ගැනීම සඳහා අධිකරණ ක්‍රියා මාර්ග ගනු ලැබේ.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-09-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks