E   |     |  

 දිනය: 2017-07-06   පිළිතුර ලබා දී ඇත 

1336/2017: හෘද රෝගීන් සඳහා භාවිත කරන "ස්ටෙන්ට්ස්" : විස්තර

1336/’16

ගරු බුද්ධික පතිරණ මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       රජයේ රෝහල් සඳහා වර්ෂයකට අවශ්‍ය වන හෘදය වස්තුවෙහි නාල අවහිරතා මඟහැරවීම සඳහා භාවිතා කරනු ලබන “ස්ටෙන්ට්ස්” සංඛ්‍යාව කොපමණද;

             (ii)       ඒ සඳහා වැය කරන මුදල කොපමණද;

(iii) ඉදිරියේදී හිඟයකින් තොරව මෙම “ස්ටෙන්ට්ස්” රෝගීන් වෙත ලබා දීමට අවශ්‍ය පියවර ගෙන තිබේද;

(iv) එසේ නම්, එම පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) හදවත් රෝගීන් සඳහා අවශ්‍ය වෙනත් ඖෂධ වර්ග හා උපකරණ රජයෙන් නොමිලේ ලබා දීමට බලාපොරොත්තු වන්නේද;

(ii) එසේ නම්, ඒවා කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-07-06

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      8,000කි.

              (ii)      රුපියල් මිලියන 640කි.         

             (iii)        ඔව්.

       (iv)      *  2016 සැප්තැම්බර් සිට 2017 ජනවාරි දක්වා වෛද්‍ය සැපයීම් අංශය විසින් මෙම stents ප්‍රාදේශීයව මිලදී ගෙන රෝහල්වලට සපයා දීමට කටයුතු කර ඇත.

                  *  සෑම වර්ෂයකම අවසානයේ ඉතිරි තොග සහ ලැබීමට නියමිත තොග සියල්ල සැලකිල්ලට ගනිමින් වාර්ෂික අවශ්‍යතාව,  සුදුසු සැපයුම් කාල සටහනක් යටතේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා ඊළඟ වර්ෂයට ලබා ගැනීම තුළින් අලුතින් නිෂ්පාදිත stents තොග අඛණ්ඩව රෝගීන්ට ලබා දීමට කටයුතු කෙරේ.

*  පරිභෝජනය වැඩි වීම හෝ වෙනත් හේතූන් මත රෝහල්වල ඇති වන සැපයුම් ඌනතාව මඟ හරවා ගැනීම සඳහා රෝහල් මට්ටමින් රෝගී ප්‍රතිකාර අවශ්‍යතාවන් මත අවස්ථාවෝචිතව ප්‍රාදේශීයව මිලදී ගැනීමට වෛද්‍ය සැපයීම් අංශය මඟින් අනුමැතිය ලබා දීම සිදු වේ.

*  ඉදිරියේදී වඩා කාර්යක්ෂමව කාර්ය සිදුවන අවස්ථාවේදීම අවශ්‍ය මිනුමෙන් යුත් අයිතම ලබා දීමටත්, අනවශ්‍ය මිනුම්වලින් යුත් තොග ඉතිරිවීම වළක්වා ගැනීමටත් මධ්‍යම රජයෙන් ටෙන්ඩර් කැඳවා මිල නියම කොට රෝහල් මඟින් ඒ අවස්ථාවේදී වඩා සුදුසු අයිතමය තෝරා මිලදී ගැනීමට ක්‍රමයක් හඳුන්වා දීමට නියමිතය.

(ආ) (i) ඔව්.

(ii) හදවත් රෝගීන් සඳහා අවශ්‍ය අනුමත ඖෂධ නාමාවලියෙහි ඇතුළත් -formulary එකේ තිබෙන-  සියලුම ඖෂධ සහ උපකරණ නොමිලේ ලබා දෙනු ලබයි.

 (ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-07-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks