පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු වාසුදේව නානායක්කාර මහතා,— කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) වතු කම්කරු වැටුප් පිළිබඳව ක්‍රියාත්මක සාමූහික ගිවිසුම පිළිබඳ විෂය භාර අමාත්‍යවරයාගේ සහ රජයේ වගකීම කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) අයවැය සහන දීමනාවක් වූ පුද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුපට මාසිකව රු.2500/-ක් එකතු කිරීම, සාමූහික ගිවිසුම අනුව වතු කම්කරු මාසික වැටුපට එකතුවී නැති බවත්;
(ii) අවම වශයෙන් මූලික වැටුප දිනකට රුපියල් 500/-ක් සමග රුපියල් 1000/-ක් දක්වා වැඩි කළ යුතුව තිබූ බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ඇ) (i) එසේ නම්, එම ස්ථාවරයේ පිහිටා එම වැඩිකරන ලද මුදල නොගෙවන හාම්පුතුන්ට විරුද්ධව නඩු දැමීමට කටයුතු කරන්නේද;
(ii) සාමූහිකව ගිවිසුමක් ඇති විටක රජය ගෙන එනු ලැබූ අයවැය සහන දීමනා නොගෙවන්නේ සාමූහික ගිවිසුමේ කොන්දේසි, සහන දීමනා නීතියට වඩා වැඩි වාසිදායක වන අවස්ථාවන්හිදි බව පිළිගන්නේද;
(iii) එසේ නොමැති නම්, සාමූහික ගිවිසුම අනුමත කළ හේතුව කවරේද;
(iv) මෙම රු.2500/- දීමනාවට සමාන මුදලක් දැනටමත් සමහර පුද්ගලික වතු පාලකයන් විසින් ඔවුන්ගේ කම්කරුවන්ට ගෙවනු ලබන බව දන්නේද;
(v) එසේ නම්, වතු සමාගම්වලට මෙම මුදල් ගෙවිය නොහැකි බවට ඔවුන් කරන ප්‍රකාශ පිළිගන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-06-22
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කම්කරු හා වෘත්තීය සමිති සබඳතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) කාර්මික ආරවුල් පනතේ 05 සහ 06 වගන්ති අනුව සේව්‍ය සේවක දෙපාර්ශ්වය විසින් සාමූහික ගිවිසුමක් අත්සන් කර, කම්කරු කොමසාරිස්වරයා වෙත එවා, එම ගිවිසුම ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක එකී ගිවිසුමේ කොන්දේසි හා නියමයන් එම ගිවිසුමෙන් බැඳී සිටින දෙපාර්ශ්වය විසින්ම ක්‍රියාත්මක කළ යුතු වේ.
එම කොන්දේසි කඩ කළ බව අදාළ පාර්ශ්වය විසින් කම්කරු කොමසාරිස්වරයාට දැනුම් දීමෙන් පසුව හෝ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් සිදුකරනු ලබන කම්කරු පරීක්ෂණවලදී මෙම ගිවිසුම කඩ කිරීමක් කර ඇති බව කම්කරු කොමසාරිස්වරයාට හැඟී යන අවස්ථාවක ඊට එරෙහිව පනතේ 40 වගන්තිය සමඟ කියවිය යුතු 43 වගන්තිය යටතේ කටයුතු කිරීමට කම්කරු කොමසාරිස්වරයාට හැකියාව ඇත. එබැවින් ක්‍රියාත්මකව පවතින සාමූහික ගිවිසුමක්, එය ප්‍රතික්ෂේප කරන තුරු බලගැන්වීමේ වගකීම කම්කරු කොමසාරිස්වරයා සතුව පවතී.
(ආ) (i) ඔව්.
වේතන වැඩි කිරීම සම්බන්ධ විධිවිධාන ඇතුළත් වන්නා වූ සාමූහික ගිවිසුමකින් බැඳී සිටින සේවකයින්, 2016 අංක 4 දරන අය වැය සහන දීමනා පනතේ 3 (7) (අ) වගන්තිය අනුව එකී අය වැය සහන දීමනාවට හිමිකම නොලබයි.
(ii) පිළිගත නොහැක.
එවැනි ප්‍රතිපාදනයක් නැත.
(ඇ) (i) පැන නොනඟී.
(ii) පිළිගත නොහැක.
පෙර පිළිතුර අදාළ වේ.
(iii) පැන නොනඟී.
පෙර පිළිතුර අදාළ වේ.
(iv) අය වැය සහන දීමනා පනතේ 3(7) (අ) ප්‍රතිපාදනවලින් ආවරණය නොවන සේවා යෝජකයන් අය වැය සහන දීමනාව ගෙවීමට බැඳී සිටී. නමුත් එම සේවා යෝජකයින් සාමූහික ගිවිසුමේ සඳහන් දීමනා ගෙවීමට බැඳී නැත.
(v) පිළිගත නොහැක.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-06-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks