පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු වාසුදේව නානායක්කාර මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2014.01.09 සහ 2014.07.01 යන දිනයන්හි අවුරුදු 03ක් සඳහා යැයි පවසමින් 175 දෙනෙකුත්, 2014.11.14 දින, දින නියමයක් නොමැතිව තවත් 14 දෙනෙකු සහ 2016.10.20 දින කාන්තාවන් 02ක් සහ පිරිමින් 03 දෙනෙකුත්, බහුවිධ නිපුණතා අභ්‍යාසලාභීන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියට බඳවා ගනු ලැබුවේද;
(ii) ඔවුන්ට වසරකට අනියම් නිවාඩු 07ක් සහ අසනීප නිවාඩු 14ක හිමිකම ඇති බවත් දැනුම් දී තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) අමාත්‍යවරයාගේ උපදෙස් අනුව 2015 ජූලි මස වාචික විභාගයක් පැවැත්වූ බවත්; එයට 30 දෙනෙකු පෙනී සිටි බවත්, ඔවුන් රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණයටද කැඳවූ බවත් පිළිගන්නේද;
(ii) 2016. 06. 16 දිනැති අධ්‍යක්ෂ මණ්ඩල තීන්දුව අනුව, සියලු පුරප්පාඩු සම්පූර්ණ කළ යුත්තේ අභ්‍යාසලාභීන්ගෙන් යැයි සඳහන් වුවත්, එසේ නොකර අමාත්‍යවරයා විසින් ආරක්ෂක අංශයට 95ක් ද, පසුව 120ක්ද, ඉන්පසු තවත් 600ක්ද සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා වැඩ සහායක/ලිපිකරු තනතුරු පත්වීම් ලබාදී තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-06-21
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය හා නාවික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ප්‍රශ්නය මඟින් විමසා ඇති සියලු තොතුරු සම්පූර්ණයෙන්ම නිවැරදි නොවේ.
එනමුදු, ශ්‍රී ලංකා වරාය අධිකාරිය තුළ සේවාස්ථ පුහුණු වැඩසටහනක් සඳහා පහත සඳහන් පරිදි අභ්‍යාසලාභීන් බඳවා ගන්නා ලදී.
කණ්ඩායම බඳවා ගත් දිනය අභ්‍යාසලාභීන්
සංඛ්‍යාව
පළමු කණ්ඩායම 2014.01.09 84
දෙවන කණඩායම 2014.07.07 40
තෙවන කණ්ඩායම 2014.07.14 65
සිව්වන කණ්ඩායම 2014.10.21 12
පස්වන කණ්ඩායම 2014.11.17 14
එකතුව 215
(ii) වසරකට අසනීප නිවාඩු 07ක් සහ අනියම් නිවාඩු 14ක හිමිකමක් ඇති බව දන්වා ඇත.
(ආ) (i) 2015 ජූලි මස වාචික විභාගයක් පවත්වා නොමැත.
අභ්‍යාසලාභීන් විසින් ලබාගත් පුහුණුව මත ඉදිරි පියවර ගැනීම සඳහා සියලු අභ්‍යාසලාභීන් හට 2015.06.25 දින ලිඛිත විභාගයක් පවත්වන ලද අතර, ඒ සඳහා අභ්‍යාසලාභීන් තිස්දෙදෙනකු (32) පමණක් සහභාගී වී ඇත.
එම පිරිස යළි විශේෂ පුහුණුවකට යොමු කර ඉන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ පවත්වා 2016.11.01 දින සිට වැඩ සහායක තනතුරට හා 2016.12.02 දින සිට ගිනි භට තනතුරට බඳවා ගන්නා ලදී.
(ii) එදිනට එවැනි අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් නැත.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කටයුතු කාර්යක්ෂම හා ඵලදායීව පවත්වාගෙන යාමේ අරමුණින් සේවා අවශ්‍යතාව මත පහත සඳහන් තනතුරුවල අනුමත සේවක සංඛ්‍යාව තුළ පැවැති පුරප්පාඩු පිරවීම සඳහා එකී තනතුරුවලට අදාළ බඳවා ගැනීම් පරිපාටීන්ට අනුකූලව බාහිරව බඳවා ගැනීමට කටයුතු කරන ලදී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-06-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නිශාන්ත මුතුහෙට්ටිගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks