පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1313/’16
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මඩකලපුව දිස්ත්‍රික්කයේ, කෝරලේපත්තු බටහිර, ඕඩ්ඩමාවඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි රාජ්‍ය ආයතන සතු ඉඩම් ප්‍රමාණය කවරේද;
(ii) එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවන් විසින් රජයේ ඉඩම් ප්‍රදාන/ බලපත්‍ර මත ලබා ගැනීම සඳහා අයදුම් කර තිබේද;
(iii) එසේ නම්, එම ඉල්ලීම් ප්‍රමාණය කොපමණද;
(iv) එම අයදුම්කරුවන්ට මේ දක්වා ප්‍රදාන/බලපත්‍ර මත ලබාදී ඇති ඉඩම් ප්‍රමාණය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-05-05
අසන ලද්දේ
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඕඩ්ඩමාවඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය ආයතන සතු ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර් 16.378 (දහසයයි දශම තුනයි හතයි අට) කි.
(ii) ඔව්.
(iii) ඉල්ලීම් 1,935 (එක්දහස් නවසිය තිස් පහ)කි.
(iv) ප්‍රදාන පත්‍ර යටතේ හෙක්ටෙයාර් 28.757 (විසිඅටයි දශම හතයි පහයි හත)ක ඉඩම් ප්‍රමාණයක් ලබා දී ඇත. බලපත්‍ර යටතේ හෙක්ටෙයාර් 62.5105 (හැට දෙකයි දශම පහයි එකයි බිංදුවයි පහ)ක් ලබා දී ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-05-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ටී. බී. ඒකනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks