01

E   |     |  

 දිනය: 2017-05-05   පිළිතුර ලබා දී ඇත 

1312/2017: වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය : රාජ්‍ය ආයතන සතු ඉඩම්

1312/’16

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      මඩකලපුව දිස්ත්‍රික්කයේ, කෝරලේපත්තු උතුර, වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි රාජ්‍ය ආයතන සතු ඉඩම් ප්‍රමාණය කවරේද;

             (ii)      එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවන් විසින් රජයේ ඉඩම් ප්‍රදාන/ බලපත්‍ර මත ලබා ගැනීම සඳහා අයදුම් කර තිබේද;

(iii) එසේ නම්, එම ඉල්ලීම් ප්‍රමාණය කොපමණද;

(iv) එම අයදුම්කරුවන්ට මේ දක්වා ප්‍රදාන/බලපත්‍ර මත ලබාදී ඇති ඉඩම් ප්‍රමාණය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?‍

 

අසන ලද දිනය

2017-05-05

අසන ලද්දේ

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       මඩකලපුව දිස්ත්‍රික්කයේ කෝරලේපත්තු උතුර, වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි රාජ්‍ය ආයතන සතු ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර 305.7ක් (තුන්සියපහයි දශම හතක්) වේ.

              (ii)       ඔව්.

             (iii)      ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2008/4 චක්‍රලේඛය ප්‍රතිපාදන අනුව, දැනට 5,547 (පන්දහස්පන්සියහතළිස්හත්)දෙනෙකු පළමුවන හා දෙවන අදියර යටතේ බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර ඇත. එසේම තුන්වන අදියර යටතේ ඉඩම් නොමැති පුද්ගලයින්ගේ ඉල්ලීම් ලියා පදිංචි කිරීමේ කටයුතු මේ වන විට කර ගෙන යනු ලැබේ.

(iv) එම ඉල්ලීම්වලදී දැනට 1,426 (එක්දහස් හාරසියවිසිහය) දෙනෙකුට බලපත්‍ර ලබා දී ඇති අතර, සුදුසුකම් ලැබූ ඉතිරි අය වෙනුවෙන් බලපත්‍ර ලබාදීම කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂිතය.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2017-05-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ටී. බී. ඒකනායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks