පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) සේවක අර්ථසාධක අරමුදලට දායකවීම සඳහා ලියාපදිංචි වී ඇති මාතර දිස්ත්‍රික්කයේ පෞද්ගලික ආයතන සංඛ්‍යාව කවරේද;
(ii) ඉහත (i) හි සඳහන් ආයතන කවරේද;
(iii) සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය ලබා ඇති මාතර දිස්ත්‍රික්කයේ සේවක සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) සේවක අර්ථසාධක අරමුදල සඳහා ලියාපදිංචි වීමට පැවතිය යුතු අවම තත්ත්වයන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-05-25
අසන ලද්දේ
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
කම්කරු හා වෘත්තීය සමිති සබඳතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සේවක අර්ථසාධක අරමුදලේ ලියා පදිංචි වී ඇති සේවා යෝජක සංඛ්‍යාව 8,536කි.
(ii) සේවක අර්ථසාධක අරමුදලේ ලියා පදිංචි වී ඇති සේවා යෝජකයන් සංඛ්‍යාව වන 8,536කගේ ආයතනවල තොරතුරු ඇමුණුම 01න්* ඉදිරිපත් කරමි.
(iii) සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික ගිණුම් තොරතුරු කලාප අක්ෂර වශයෙන් වර්ගීකරණය කර ඇති බැවින්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වර්ගීකරණය කර ලබා දීමට හැකියාවක් නොමැත.
මාතර දිස්ත්‍රික්කය එනම්, කලාප අක්ෂර H යටතේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය ලබා ඇති සාමාජික සංඛ්‍යාව 457,915කි.
(iv) 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතේ 8වන වගන්තිය තුළ සේවක අර්ථසාධක අරමුදල සඳහා ලියා පදිංචි වීමට පැවතිය යුතු අවම තත්ත්වයන් දක්වා ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-05-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks