01

E   |     |  

 දිනය: 2017-05-24   පිළිතුර ලබා දී ඇත 

1304/2017: දිල්ලිමුණි උපාලි මහතා : නීති ආධාර කොමිෂන් සභාවට ලබා දුන් ලිපි ගොනුව

1304/’16

ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      කඹුරුපිටිය, කරපුටුගල, “ආරිය නිවසේ” පදිංචි දිල්ලිමුණි උපාලි මහතා තමාට අයත් ඉඩමක අයිතිය නිරවුල් කර ගැනීමට අවශ්‍ය නීති උපදෙස් ලබා ගැනීම සඳහා නීති ආධාර කොමිෂන් සභාවේ, මාතර කාර්යාලයේ සහාය පතා ඇති බවත්;

(ii) නීති උපදෙස් ලබාගැනීම සඳහා අවශ්‍ය කෙරෙන ප්‍රශ්නගත ඉඩමේ ඔප්පුව, පිඹුර, තෝම්බු වාර්තා සහ තවත් ලිපිවල මුල් පිටපත් ඉහත කී කාර්යාලය වෙත භාර දී ඇති බවත්;

(iii) තමාට තවදුරටත් නීති ආධාර හෝ උපදෙස් අනවශ්‍ය බවත්, අධිකරණ ක්‍රියාමාර්ගයක් වෙත ‍පිවිසීමට අවශ්‍යතාවයක් නොමැති බැවින් භාරදෙන ලද ලිපිගොනුව, නැවත තමා වෙත ලබා දෙන ලෙස ඔහු ඉල්ලීමක් කරනු ලැබූ බවත්;

(iv) එහෙත්, මෙතෙක්  ලිපිගොනු කට්ටලය ලබා දීම හෝ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීම නීති ආධාර කොමිෂන් සභාවේ, මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) උපාලි මහතා විසින් භාර දී ඇති ලිපිගොනුව නැවත ඔහුට භාර දීමට අවශ්‍ය පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-05-24

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)       ඔව්

              (ii)       ඔව්

                        ඉඩම් ඔප්පුවේ ඡායා පිටපතක් සහ පොලිස් පැමිණිලි දෙකක් පමණක් නීති ආධාර කොමිෂන් සභාවේ මාතර කාර්යාලය වෙත භාර දී ඇත.

              (iii)       නැත.

                        ලේඛන ආපසු භාරදී තිබුණි.

              (iv)       නැත.

                        අදාළ ලිපිගොනු කට්ටලය සේවා දායකයාට භාර දී ඇති අතර ඒ බව ඔහු ලිඛිතව දැනුම් දී ඇත.

අමුණුම* 1 ලෙස ඇති  එම ලිපිය බලන්න. 

(ආ) ඔව්, දැනටමත් අදාළ ලිපි ගොනු කට්ටලය සේවාදායක උපාලි මහතා භාර ගෙන ඇත.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-05-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks