logo

03

E   |     |  

 දිනය: 2010-08-05   පිළිතුර ලබා දී ඇත 

0374/2010: Mr. Abdul Samad

0374/’10

 

ගරු රවුෆ් හකීම් මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොළඹ 10, මාළිගාවත්ත පෙදෙස, අංක 159/ඩී/47 දරන ස්ථානයේ පදිංචි, අබ්දුල් සමද් මහතා (වයස අවු: 38යි) උපන්දා සිට අපස්මාර රෝගයෙන් පෙළෙන අයෙකු බවත්;

(ii) එම රෝගී තත්ත්වයට දිගු කාලීන ප්‍රතිකාර ලබා ගැනීමේ අවශ්‍යතාවය මත, ඔහු කොළඹ ජාතික රෝහල් සායනයට ලි.ප. අංක B/37/04 යටතේ මාස්පතා ඉදිරිපත්වන්නෙකු බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) එම රෝගී තත්ත්වය නිසා ඔහු ස්ථිර රැකියාවක නියැලීමට නොහැකිවීමත්, ජීවත්වීමට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති, දිළිඳුභාවයෙන් පෙළෙන්නෙකු බවට පත්ව ඇති බැවින්, ඔහුට සමෘද්ධි ආධාර ලබා දෙන්නැයි රෝහල් සෞඛ්‍ය සංවර්ධන සහකාර විසින් ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරී සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් වෙත අංක: මා/සෞ/සං/ස/1/3/8 හා 2008-3-22 දින සහ අවසන් වරට 2009-11-30 දින දරන ලිපි මගින් නිර්දේශ කොට ඉල්ලීම් කර තිබුණත්, මෙතෙක් ඔහුට එම සමෘද්ධි ආධාර ලබාදී නොමැති බව එතුමා පිළිගන්නෙහිද?

(ඇ) එසේ නම්, අවිවාහක අබ්දුල් සමද් මහතාටත්, ඔහු යටතේ යැපෙන්නන් ලෙස ජීවත්වන වයෝවෘද්ධ වූ ඔහුගේ දෙමාපියන්ටත් ආධාර නොපමාව ලබා දීමට කටයුතු කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-08-05

අසන ලද්දේ

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks