01

E   |     |  

 දිනය: 2017-11-10   පිළිතුර ලබා දී ඇත 

1223/2017: ත්‍රස්තවාදී ක්‍රියා නිසා විනාශ වූ රාජ්‍ය ආයතන: යාපනය දිස්ත්‍රික්කය

1223/’16

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       යාපනය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රාජ්‍ය ආයතන සංඛ්‍යාව කොපමණද;

             (ii)       එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් වර්ෂ 1983න් පසුව විනාශ කරන ලද රාජ්‍ය ආයතන සංඛ්‍යාව කොපමණද;

(iii) විනාශ වූ එම දේපළ පිළිබඳව රජයේ පිළිගත් තක්සේරුවක් කර තිබේද;

(iv) එසේ නම්, එම දේපළවල සම්පූර්ණ වටිනාකම කොපමණද;

(v) විනාශ කරන ලද එක් එක් දේපළවලට අදාළව වගකිව යුතු ත්‍රස්තවාදීන්ට විරුද්ධව නීතිමය පියවර ගෙන තිබේද;

(vi) එසේ නම්, එම පියවර කවරේද;

(vii) ඉහත (i) - (vi) දක්වා විමසා ඇති තොරතුරු සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-11-10

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      රාජ්‍ය ආයතන 809කි.

              (ii)      එල්ටීටීඊ ත්‍රස්තවාදින් විසින් විනාශ කරන ලද රජ්‍ය ආයතන සංඛ්‍යාව 22කි.

              (iii)      එම වකවානුවේ පැවැති තත්ත්වය අනුව එවැනි ක්‍රියාදාමයක් සිදු කිරීම සඳහා ඉඩ ප්‍රස්තාවක් තිබී නැත.

              (iv)      තක්සේරුවක් කර නොමැති හෙයින් වටිනාකම සඳහන් කළ නොහැකිය.

               (v)      එවැනි පරිසරයක් එම ප්‍රදේශය තුළ එම වකවානුවේදී නොතිබීම නිසා නීතිමය පියවර ගැනීමේ ප්‍රශ්නයක් ඇත.

(vi) එම වකවානුවේදී සිවිල් පරිපාලනයේ පැවැති අර්බුදකාරී තත්ත්වය නිසා එවැනි පියවර ගෙන නැත.

(vii) දැනට ලැබී ඇති වාර්තාව ඉදිරිපත් කරමි. ඇමුණුම I* සහ II* හි දක්වා ඇත.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2017-11-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks