01

E   |     |  

 දිනය: 2017-07-04   පිළිතුර ලබා දී ඇත 

1162/2017: හක්වටුනාව සහ කහල්ල රක්ෂිත: යෝජිත අලිමංකඩ සැලැස්ම

1162/’16

ගරු බිමල් රත්නායක මහතා,—  තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      හක්වටුනාව සහ කහල්ල රක්ෂිත යෝජිත අලිමංකඩ සැලැස්ම සකස් කර ඇත්තේ වනජීවී කළමනාකරණ කමිටුවක් මඟින් නම්, එහි සාමාජිකයන්ගේ නම්, ලිපින හා  වෘත්තීය සුදුසුකම් කවරේද;

(ii) ඒ පිළිබඳව ක්ෂේත්‍ර අධ්‍යයනයක් කර තිබේ නම්, ඒ කවර කාලයේද; අදාළ  වනජිවී කළමනාකරණ කමිටුව හමු වූ ආගමික සහ ප්‍රජා සංවිධාන කවරේද;

(iii) මේ සම්බන්ධයෙන් පරිසර අධ්‍යයනයක් කර තිබේ නම්, ඊට සහභාගී වූ පරිසර සංවිධාන/පරිසරවේදීන් කවුරුන්ද;

(iv) එම වාර්තාව ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මෙවැනි සැලැස්මක් සකස් කළ යුතු විද්‍යාත්මක ක්‍රමවේදය කවරේද; යෝජිත සැලැස්ම සකස්කර ඇත්තේ එම ක්‍රමවේදයට අනුවද;

(ii) යෝජිත අලිමංකඩ සැලැස්ම ගජ-මිතුරු සංවිධානය  අනුමත කරන ලද්දේ නම්, ඒ කවර කාලයේ කවුරුන් විසින්ද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) එම සැලැස්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව විසින් තාවකාලිකව අත්හිටුවා තිබියදි එය නොතකා ප්‍රාදේශීය ලේකම්වරයා ඒ පිළිබඳව මැදිහත්වීම් කරන බවත්;

(ii) දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අභිබවා යෑමට ප්‍රාදේශීය ලේකම්වරයාට  බලය පවරා තිබේ නම්, ඒ කවුරුන් විසින්ද;

          යන්න තවදුරටත්  එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-07-04

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

තිරසර සංවර්ධන හා වනජීවි

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කමිටු සාමාජිකයින්ගේ නම්:

                        *   කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ (කුරුණෑගල)  - සභාපති

                             අධ්‍යක්ෂ, පළාත් වාරිමාර්ග කාර්යාලය, කුරුණෑගල.

                        *   වනජීවී සහකාර අධ්‍යක්ෂ (වයඹ පළාත)

                             වනජීවී සහකාර අධ්‍යක්ෂ, වනජීවී කාර්යාලය, වයඹ පළාත.

* ප්‍රාදේශීය ලේකම් (පොල්පිතිගම)

ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොල්පිතිගම.

* ගරු සභාපති (පොල්පිතිගම ප්‍රාදේශීය සභාව)

සභාපති, පොල්පිතිගම ප්‍රාදේශීය සභාව.

* දිසා වන නිලධාරි (කුරුණෑගල)

දිසා වන නිලධාරි, දිසා වන නිලධාරි කාර්යාලය, කුරුණෑගල.

* පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ (වයඹ පළාත)

කෘෂිකර්ම අධ්‍යක්ෂ, පළාත් කෘෂිකර්ම කාර්යාලය, වයඹ පළාත.

* පළාත් ඉඩම් කොමසාරිස් (වයඹ පළාත)

ඉඩම් කොමසාරිස්, පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලය, වයඹ පළාත.

* පළාත් පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (වයඹ පළාත)

නියෝජ්‍ය අධ්‍යක්ෂ, මධ්‍යම පරිසර අධිකාරිය, වයඹ පළාත.

* දිස්ත්‍රික් ඉඩම් පරිහරණ හා සැලසුම් නිලධාරි (කුරුණැගල)

ඉඩම් පරිහරණ හා සැලසුම් නිලධාරී, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කුරුණෑගල.

(ii) කමිටු සාමාජිකයන් විසින් ක්ෂේත්‍ර පරීක්ෂාවක් 2009.04.29 දින සිදු කර ඇති අතර, හමුවූ ආගමික හා ප්‍රජා සංවිධාන පිළිබඳ සඳහන් කර නොමැත.

(iii) පරිසර අධ්‍යයනයක් සිදු කර නොමැත.

(iv) අදාළ නොවේ.

(ආ) (i) වන අලින්ට ප්‍රවේශ විය හැකි පරිදි විදුලි වැට මාර්ගය වෙනස් කිරීම සිදු කළ යුතුව ඇති අතර, යෝජිත සැලැස්ම ඒ අනුව සකස් කර ඇත.

(ii) නොදනී.

 (ඇ) (i) යෝජිත වයඹ ඇළ ව්‍යාපෘතිය මඟින් කහල්ල පල්ලේකැලේ අභය භූමිය තුළ සිදු කරන ඉදි කිරීම් නිසා වන අලින්ට අහිමි වන භූමිය වෙනුවට හක්වටුනාඔය ජලාශය රක්ෂිතය වන අලින් සඳහා වෙන් කළ යුතු බැවින්ද, මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම ජාතික අවශ්‍යතාවක් බැවින්ද, ප්‍රාදේශීය ලේකම්වරයා මැදිහත්ව ඇත.

(ii) නොදනී.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2017-07-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks