පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1156/’16
ගරු අශෝක ප්‍රියන්ත මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පසුගිය මාස 3 - 4 කාලය පුරා පුත්තලම දිස්ත්‍රික්කය දැඩි නියඟයකට මුහුණ දුන් බව දන්නේද;
(ii) එම නියඟය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පොල් වගාවට දැඩි හානි සිදු වී ඇති බව පිළිගන්නේද;
(iii) නියඟයෙන් පීඩාවට පත් පුත්තලම දිස්ත්‍රික්කයේ පොල් වගා කරන්නන්ට යම් සහනාධාරයක් ලබා දීමට ගන්නා පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-07-25
අසන ලද්දේ
ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්. (හානි තක්සේරුව පහතින් දක්වා ඇත)
නියං තත්ත්වය හේතුවෙන් පොල් වගාවට සිදුව ඇති හානියේ තක්සේරුව
|
ප්‍රාදේශීය කාර්යාලය |
හානි වූ පොල් ගස් ගණන |
|
මාරවිල (පුත්තලම දිස්ත්‍රික්කය) |
25,000 (විසිපන්දහස) |
|
කුරුණෑගල (කුරුණෑගල දිස්ත්‍රික්කය) |
100,000 (ලක්ෂය) |
|
කුලියාපිටිය " |
50,000 (පනස්දහස) |
|
|
|
|
එකතුව |
175,000 (එක්ලක්ෂ හැත්තෑපන්දහස) |
(iii) පුත්තලම් දිස්ත්‍රික්කයේ නියඟයෙන් හානි වූ පොල් වගාව පිළිබඳව දැනට ලැබී ඇති දත්ත අනුව පොල් ගස් 25,000කට ආසන්න ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ඇත.
ඒ අනුව, එම පොල් වගාව නැවත ස්ථාපිත කිරීමත් පවතින පොල් වගාව නියඟයෙන් ආරක්ෂා කිරීම සඳහාත් 2017 වසරේදී පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් පහත සහනාධාර වැඩසටහන් රුපියල් මිලියන 37.75ක ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
|
ක්‍රියාකාරකම |
වෙන්කරන ලද මුදල රුපියල් මිලියන |
භෞතික ඉලක්කය |
|
01. නියඟය නිසා හානි වූ පොල් ගස් වෙනුවට පොල් පැළ නොමිලේ ලබා දීම |
10 |
පොල් පැළ 100,000 (ලක්ෂය) |
|
02. පොල් ඉඩම්වල තෙතමන සංරක්ෂණය සඳහා සහනාධාර ලබා දීම. |
12.75 |
අක්කර 850 (අටසිය පනහ) |
|
03. පොල් ඉඩම්වල ජල සම්පාදන පද්ධතිය ඉදිකිරීම සඳහා සහනාධාර ලබා දීම. |
6 |
අක්කර 600 (හයසියය) |
|
04. පොල් ගසේ මූල පද්ධතිය ආශ්‍රිතව තෙතමන සංරක්ෂණය සඳහා වසුන් යෙදීමට සහනාධාර ලබා දීම. |
5 |
ගස් 200,000 (දෙලක්ෂය) |
|
05. පසේ තෙතමන සංරක්ෂණය සඳහා පසට කාබනික පොහොර යෙදීමෙන් ව්‍යුහය දියුණු කිරීමෙන් තෙතමන සංරක්ෂණය සඳහා සහනාධාර ලබා දීම |
4 |
ගස් 40,000 (හතළිස්දහස) |
|
|
37.75 |
|
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-07-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නවීන් දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks