01

E   |     |  

 දිනය: 2016-12-10   පිළිතුර ලබා දී ඇත 

1150/2016: ජාඇල ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සතු ඉඩමක ඇති යකඩ කුලුනු ඉවත් කිරීම: ටෙන්ඩර් පටිපාටිය

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ජාඇල, ඒකල ප්‍රදේශයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සතු ඉඩමක් තිබේද;

             (ii)       එසේ නම්, එම ඉඩමේ තිබූ යකඩ කුළුණු සංඛ්‍යාව කොපමණද;

            (iii)       මේ වනවිට ඉතිරිව ඇති යකඩ කුළුණු සංඛ්‍යාව කොපමණද;

(iv) යකඩ කුළුණු ඉවත් කිරීමට අමාත්‍යාංශය විසින් ටෙන්ඩර් කැඳවීම් සිදු කර යම් වැඩසටහනක් දියත් කර තිබේද;

(v) යකඩ කුළුණු ඉවත් කිරීමේදී යම් වංචාවක් සිදුවී තිබේ නම්, අදාළ පුද්ගලයන්ට හා ආයතනවලට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-12-10

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      11යි

             (iii)      07යි

             (iv)      ඉවත් කළ යකඩ කුලුනු 

                        සංස්ථා ටෙන්ඩර් මණ්ඩල අනුමැතිය මත සැපයුම් කළමනාකරු විසින් පුවත් පත් දැන්වීම් පළකර විධිමත් පරිදි ටෙන්ඩර් කැඳවා යකඩ කුලුනු ඉවත් කිරීම සිදු කර තිබේ.

                        දැනට පවතින යකඩ කුලුනු

                        දැනට පවතින යකඩ කුලුනු සම්බන්ධව ටෙන්ඩර් කැඳවීමක් සිදු කර නොමැත.

(v) ඉවත් කර ඇති කුලුනු සම්බන්ධ  වංචාවක් පිළිබඳ පැමිණිල්ලක් මෙතෙක් ලැබී නොමැත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2016-12-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks