02

E   |     |  

 දිනය: 2017-03-07   පිළිතුර ලබා දී ඇත 

1146/2017: කෝරලේපත්තු, බටහිර ඕඩ්ඩමාවඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය: විස්තර

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (4)

(අ)          (i)      මඩකලපුව දිස්ත්‍රික්කයේ, කෝරලේපත්තු බටහිර ඕඩ්ඩමාවඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටුවන ලද දිනය කවරේද;

              (ii)      ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ පිටපතක් සභාගත කරන්නේද;

(iii) එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මඟින් ආවරණය වන සම්පූර්ණ භූමි ප්‍රමාණය කොපමණද;

(iv) එහි ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව කොපමණද;

(v) එම ග්‍රාම නිලධාරී වසම්වල නිල අංක හා නාමයන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටුවීමේදී නිල වශයෙන් සීමා නිර්ණය කිරීමක් සිදුවී තිබේද;

(ii) එසේ නම්, ඒ පිළිබඳව විස්තර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) එකී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ඇති ග්‍රාම නිලධාරි වසම් අතරින් කිසියම් වසමක/වසම්වල පරිපාලන කටයුතු හෝ මෙහෙයවීම් වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සිදුකරනු ලබන්නේද;

  (ii) එසේ නම්, එම ග්‍රාම නිලධාරි වසම්වල නාමය, නිල අංක ඇතුළු විස්තර ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?‍

 

අසන ලද දිනය

2017-03-07

අසන ලද්දේ

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       1997.05.29

              (ii)       ඔව්. ගැසට් පත්‍රයේ පිටපතක් සභාගත* කරමි.

             (iii)       ව.කි.මි. 19.79කි.

             (iv)       08කි.

              (v)      

 

අනු අංකය

ග්‍රාම නිලධාරි වසම්

නිල අංකය

01

මීරාඕඩෙයි (මුස්ලිම්) බටහිර

207

02

මාන්චෝලයි

207 ඒ

03

මීරාඕඩෙයි (මුස්ලිම්) නැ‍ඟෙනහිර

207 බී

04

ඔඩ්ඩමාවඩි කොට්ඨාස අංක 03

208

05

ඔඩ්ඩමාවඩි කොට්ඨාස අංක 01 දකුණ

208 බී

06

ඔඩ්ඩමාවඩි කොට්ඨාස අංක 01 උතුර

208 බී/2

07

ඔඩ්ඩමාවඩි කොට්ඨාස අංක 02

208 සී

08

පේපර් ටවුන්

210 බී

(ආ) (i)  ඔව්. සීමා නිර්ණය කිරිමක් කර ඇත.

(ii) මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා 2002.05.24ට පෙර පැවැති ග්‍රාම නිලධාරි වසම් 14ට අදාළව, අංක 983 දරන 1997 ජූලි 4වැනි සිකුරාදා දින නිකුත් කරන ලද ගැසට් පත්‍රය මඟින් සීමාවන් සඳහන් කර ඇත. (ගැසට් පත්‍රයේ පිටපත සභාගත කර ඇත.)

නමුත්, 2002.05.24ට පසුව මෙම ග්‍රාම නිලධාරි වසම් 14, ග්‍රාම නිලධාරි වසම් 8ක් බවට පරිවර්තනය වී ඇත. 

(ඇ) (i) ඔව්.

(ii) ඔව්.

 

 

අනු අංකය

 ග්‍රාම නිලධාරි වසම

     නිල අංකය

වර්තමානයේ දී පාලනය කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

01

කල්ලිච්චෙයි

210 ඒ

කොරලේපත්තු - දකුණ (කිරාන්)

02

වාහනේරි

210

     -එම-

03

වඩමුනෙයි

210 ඒ 1

    -එම-

04

ඔත්තුචේනයි

210 ඒ 2

     -එම-

05

පූනානි බටහිර

210 බී

     -එම-

06

තියාවෙඩ්ඩුවාන්

210 ඊ

කෝරලේපත්තු- මධ්‍යම (වාලච්චේනයි)

(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-09-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks