පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1143/’16
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මඩකලපුව දිස්ත්‍රික්කයේ, කෝරලේපත්තු, උතුරු වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටුවන ලද දිනය කවරේද;
(ii) ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ පිටපතක් සභාගත කරන්නේද;
(iii) එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මඟින් ආවරණය වන සම්පූර්ණ භූමි ප්‍රමාණය කොපමණද;
(iv) එහි ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව කොපමණද;
(v) එම ග්‍රාම නිලධාරි වසම්වල නිල අංක හා නාමයන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටුවීමේදී නිල වශයෙන් සීමා නිර්ණය කිරීමක් සිදුවී තිබේද;
(ii) එසේ නම්, ඒ පිළිබඳ විස්තර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) එකී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ඇති ග්‍රාම නිලධාරි වසම් අතරින් කිසියම් වසමක/වසම්වල පරිපාලන කටයුතු හෝ මෙහෙයවීම් වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සිදුකරනු ලබන්නේද;
(ii) එසේ නම්, එම ග්‍රාම නිලධාරි වසම්වල නාමය, නිල අංක ඇතුළු විස්තර ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-02-23
අසන ලද්දේ
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 1972.01.01
(ii) ඔව්.
(iii) ව.කි.මී. 509.88
(iv) 16
(v)
|
අංකය |
ග්‍රාම නිලධාරී වසම |
ග්‍රාම නිලධාරී වසමෙහි අංකය |
|
01 |
මන්කර්නි මධ්‍යම |
211 |
|
02 |
පූනානි - නැඟෙනහිර |
211 බී |
|
03 |
වඩ්ඩාවන් |
211 ඩී |
|
04 |
කිරුමිච්චේයි |
211 එෆ් |
|
05 |
මන්කර්නි දකුණ |
211 ජී |
|
06 |
මතුරන්කර්නි කුලම් |
211 ඊ |
|
07 |
පනිච්චන්කර්නි |
211 සී |
|
08 |
වාහරෙයි මධ්‍යම |
212 |
|
09 |
කයර්න්කර්නි |
211 ඒ |
|
10 |
වාහරෙයි උතුර |
212 ඒ |
|
11 |
කතිරවේලි |
213 |
|
12 |
කඩුමුරිව් |
213 බී |
|
13 |
පුච්චාකර්නි |
213 සී |
|
14 |
පාල්ච්චේනයි |
213 ඒ |
|
15 |
උරියන්කඩ්ඩු |
212 බී |
|
16 |
අම්මාන්දනාවෙලි |
213 ඩී
|
(ආ) (i) ඔව්.
(ii) හඳුනාගත් ග්‍රාම නිලධාරී වසම් 16 ට අදාළ සීමාව වේ.
1972.01.01 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටවූ අතර, එහි ගැසට් පත්‍රය නිකුත් කරන ලද්දේ 1998 ජූනි 12 වැනි සිකුරාදා දිනය. අංක 1032 දරන ගැසට් පත්‍රයට අනුව 111 වන තීරය පරිදි මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි මායිම් පසුබිම් වාර්තාවේ* විස්තර කර ඇත.
(ඇ) (i) ඔව්.
(ii) ඔව්.
|
අංකය |
ග්‍රාම නිලධාරි වසමේ නම |
ග්‍රාම නිලධාරී වසමෙහි අංකය |
වර්තමානයේ දී පාලනය කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
|
01 |
රිඳීතැන්න |
211 බී |
කෝරලේපත්තු - මධ්‍යම |
|
02 |
ජයන්තිජාජා |
211 බී |
කෝරලේපත්තු - මධ්‍යම |
(ඈ) අදාළනොවේ.
පිළිතුරු දුන් දිනය
2017-05-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නිමල් ලාන්සා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks