01

E   |     |  

 දිනය: 2017-07-05   පිළිතුර ලබා දී ඇත 

1137/2017: දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු : සභාපති/සම සභාපති ධුර

1137/’16

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      රට පුරා ක්‍රියාත්මක දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සංඛ්‍යාව කොපමණද;

            (ii)      ඒවායේ සභාපති හෝ සම සභාපති ධූර දරන පුද්ගලයන්ගේ නම් හා තනතුරු කවරේද;

(iii) එම පුද්ගලයන් අතරින් පාර්ලිමේන්තු හෝ පළාත් සභා මන්ත්‍රීවරයන් නොවන පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-07-05

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සංඛ්‍යාව - 25

                         ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සංඛ්‍යාව - 331

              (ii)       පිළිතුර ඇමුණුම 01, 02, 03 සහ 04හි දක්වා ඇත. ඇමුණුම් සභාගත* කරමි.

             (iii)       82යි. 

(ආ)     අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-07-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks