පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1113/’16
ගරු චමින්ද විජේසිරි මහතා,— ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2010 සිට 2016 වර්ෂය දක්වා බදුල්ල දිස්ත්‍රික්කය තුළ,
(i) ලබා දුන් ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර සංඛ්‍යාව කවරේද;
(ii) එම බලපත්‍ර ලබාගත් පුද්ගලයන්ගේ නම් හා ලිපිනයන් කවරේද;
(iii) එම බලපත්‍ර ලබාදීම තුළින් වාර්ෂිකව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලැබුණු ආදායම කොපමණද;
(iv) ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර ලබාදීමේදී සලකා බලන නිර්ණායක කවරේද;
(v) මෙසේ ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර ලබාදීමේදී යම් වංචා, දූෂණ සිදුවී ඇත්නම්, ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-07-25
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 07 (හතකි.)
(ii)
|
අනු අංකය |
බලපත්‍ර ලබාගත් පුද්ගලයන්ගේ නම් |
ලිපිනය |
|
1 |
බී.ආර්.එම්.බී.බී. රත්නායක මහතා |
ලංකා පිරවුම්පොළ, බොරලන්ද, වැලිමඩ |
|
2 |
ආර්.එම්. ආරියදාස මහතා |
ලංකා පිරවුම්පොළ, බණ්ඩාරවෙල |
|
3 |
ඩබ්ලිව්.ඩී.එම්. පෙරේරා මහතා |
ලංකා පිරවුම්පොළ, වැලිමඩ |
|
4 |
මිඩ්ල්ඊස්ට් පෙට්‍රෝලියම් ලිමිටඩ් |
ලංකා පිරවුම්පොළ, බණ්ඩාරවෙල |
|
5 |
ජේ.ජී.ආර්.පී. ද සිල්වා මහතා |
ලංකා පිරවුම්පොළ, හල්පේ |
|
6 |
ඩී.එන්.ටී. සිසිර කුමාර මහතා |
ලංකා පිරවුම්පොළ, බදුල්ල |
|
7 |
ඩී.එම්.ආර්.යූ. කුමාර මහතා |
ලංකා පිරවුම්පොළ, මීගහකිවුල |
මීට අමතරව මහියංගනය සහ ඇටම්පිටිය යන ප්‍රදේශවල පිරවුම්හල් දෙකක් ඉදිකිරීම සඳහා අවසර ලබාදී ඇති අතර, එම පිරවුම්හල් ඉදිකිරීමෙන් පසු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.
(iii) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් වාර්ෂික බලපත්‍ර ගාස්තු ලෙස පිරවුම් පොළවලින් මුදල් අය කිරීමක් නොකරයි. පිරවුම් පොළක් සඳහා අයදුම්පතක් ලියා පදිංචි කිරීමේදී රුපියල් 2,500ක මුදලක් අය කරනු ලැබූ අතර, 2016.01.21 දින සිට එය රුපියල් 11,500ක් ලෙස සංශෝධනය කර ඇත.
(iv) ٭ නිර්දේශිත නිර්ණායක වශයෙන් ප්‍රදේශයේ සිටින ජනගහනය, වාහන සංඛ්‍යාව, ඊළඟ පිරවුම් පොළවලට ඇති දුර ප්‍රමාණය, අවට ඇති පිරවුම් පොළවල අළෙවි දත්ත යන කරුණු සලකා බැලේ.
٭ යෝජිත භූමිය අවම වශයෙන් මුහුණත පළල අඩි 125ක ප්‍රමාණයෙන් යුක්ත පර්චස් 40ට නොඅඩු වපසරියකින් යුතු භූමියක් විය යුතුය. යම් අවස්ථාවකදී යෝජිත භූමිය අවශ්‍යතාවලට අනුකූල නොවුණ ද, වෙනත් අයදුම්පත් ඉදිරිපත් වී නොමැති අවස්ථාවලදී අදාළ නිර්ණායකයෙන් බැහැරව පොදු මහජන අවශ්‍යතාව සලකා එම අයදුම්පත් සලකා බලන අවස්ථා ඇත.
٭ භූමියේ අයිතිය සින්නක්කර හෝ දීර්ඝකාලීන බදු වශයෙන් (අවම වසර 30ට) අයදුම්කරු සතු විය යුතුය.
٭ බෙදුම්පොළ තම වියදමින් ඉදිකර ගැනීමට අයදුම්කරුට මූල්‍යමය හැකියාවක් තිබීම.
٭ යෝජිත භූමිය ප්‍රධාන මාර්ගයට මුහුණ ලා තිබීම සහ අදාළ පළාත් පාලන ආයතනවල නිර්දේශ ඉදිරිපත් කිරීම.
٭ භූමියට අදාළ නෛතික ලිපි ලේඛන ප්‍රධාන නීති නිලධාරි විසින් පරීක්ෂා කර බැලීම.
(v) ඛනිජ තෙල් නීතිගත සංස්ථා පාර්ශ්වයෙන් කිසිදු ආකාරයක දූෂණ සිදු වී ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති අතර, එවැන්නක් වාර්තා වුවහොත් ආයතනය සතු නීති ප්‍රතිපාදන අනුව කටයුතු කළ හැකි වේ.
(ආ) එවැන්නක් වාර්තා වුවහොත්, එය ආයතනය තුළින් සිදු වී ඇත්නම් ආයතනයට එරෙහිව ගත හැකි නිසි විනය පියවර ගැනීමට පසුබට නොවන අතර, බාහිර පාර්ශ්ව එවැනි කටයුතු කළේ යැයි අනාවරණ වුවහොත් ඒ සම්බන්ධ අදාළ විමර්ශන කටයුතු සඳහා අදාළ ආයතන වෙත යොමු කිරීමට කටයුතු කරනු ඇත.
පිළිතුරු දුන් දිනය
2017-11-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අර්ජුන රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks