01

E   |     |  

 දිනය: 2017-02-22   පිළිතුර ලබා දී ඇත 

1106/2017: Confirming the casual workers at the office of ministry in Mannar

ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ මන්නාරම කාර්යාලයේ පැවති තනතුරු පුරප්පාඩු සඳහා තාවකාලික සහ අනියම් පදනම මත සේවකයන් 09 දෙනෙකු බඳවාගෙන ඇති බවත්;

(ii) එම පුද්ගලයන් අවුරුදු 06කට වඩා වැඩි කාලයක් අනියම් පදනම මත සේවය කරමින් සිටින බවත්;

(iii) මෙම අනියම් සේවකයන්ගේ තනතුරු ස්ථිර නොකර, වෙනත් දිස්ත්‍රික්කවලට අයත් පුද්ගලයන් 06 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබාදී මෙම කාර්යාලයට අනුයුක්ත කර ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) අවුරුදු 06කට වැඩි අනියම් සේවා කාලයක් සහිත සේවකයන්ගේ සේවය ස්ථිර කිරීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-02-22

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම් හා ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks