01

E   |     |  

 දිනය: 2017-02-21   පිළිතුර ලබා දී ඇත 

1105/2017: නව ප්‍රාදේශීය සභා ස්ථාපිත කිරීම: උතුරු පළාත් සභාව

ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      උතුරු පළාත් සභා බලප්‍රදේශය තුළ පිහිටි මන්නාරම, මුලතිව්, කිලිනොච්චි හා  යාපනය යන දිස්ත්‍රික්කවලට අයත් මඩු, ඔට්ටුසුඩාන්, කණ්ඩාවලෛ සහ මරුදන්කෙනි යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට අදාළව, ප්‍රාදේශීය සභා ස්ථාපිත කර නොමැති බව එතුමා දන්නෙහිද?

(ආ) යෝජිත පළාත් පාලන ආයතන කොට්ඨාස ක්‍රමයට පිහිටුවීම සම්බන්ධයෙන් සීමා නිර්ණ කමිටුව විසින් ඉහත සඳහන් ප්‍රාදේශීය ලේකම් ‍කොට්ඨාසවලට අදාළව නව ප්‍රාදේශීය සභා ස්ථාපිත කිරීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-02-21

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

(ආ)     නැත.

(ඇ)     2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ 3අ සහ 3ඈ වගන්ති යටතේ පත් කරන ලද පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කමිටුවේ විෂය පථයට අලුතින් පළාත් පාලන ආයතනයක් සංස්ථාපනය කිරීමේ කාර්ය ඇතුළත් නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2017-02-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks