01

E   |     |  

 දිනය: 2017-06-22   පිළිතුර ලබා දී ඇත 

1086/2017: ත‍්‍රිවිධ හමුදාවේ රාජකාරි සඳහා යොදා ගනු ලබන සුනඛයන් : විස්තර

ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       යුධ, ගුවන් සහ නාවික යන ත‍්‍රිවිධ හමුදාවන්වල රාජකාරි කටයුතු සඳහා යොදා ගනු ලබන සුනඛයන් සංඛ්‍යාව, එක් එක් හමුදාව අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)       එම සුනඛයන් නඩත්තු කිරීම සඳහා වැය කරන මුදල, එක් එක් හමුදාව අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) උක්ත සුනඛයන්ගෙන් ගනු ලබන ප‍්‍රයෝජන, එක් එක් හමුදාව අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) උක්ත හමුදාවන්ට තවත් සුනඛයන් විදේශයන්ගෙන් ගෙන්වීමට කටයුතු කරන්නේද;

(ii) එසේ නම්, ඒ සඳහා වැය කිරීමට අපේක්‍ෂිත මුදල, එක් එක් හමුදාව අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-06-22

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ත්‍රිවිධ හමුදාව සතු සුනඛයින් දැනට ජාතික ආරක්ෂාව වෙනුවෙන් සංවේදී රාජකාරිවල යොදවන අතර, එම විස්තර ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් ජාතික ආරක්ෂාවට බලපෑමක් විය හැකි හෙයින් අදාළ තොරතුරු ඉදිරිපත් කළ නොහැක.

              (ii)      එක් සුනඛයෙකු නඩත්තු කිරීම සඳහා වැය කරන මුදල මාසිකව දළ වශයෙන් පහත පරිදි වේ.

යුද හමුදාව - ඉංජිනේරු බලකාය සතු සුනඛයෙකු සඳහා රුපියල් 15,476.00

කමා‍න්ඩෝ බලකාය සතු සුනඛයෙකු සඳහා රුපියල් 11,037.00

නාවික හමුදාව - රුපියල් 26,160.00

ගුවන් හමුදාව - රුපියල් 7,962.00

(iii) යුද හමුදාව - බිම් වෙඩි සොයා ගැනීම

  - පුපුරණ ද්‍රව්‍ය හඳුනා   ගැනීම

  - ප්‍රභූ ආරක්ෂක රාජකාරි

  - ලුහුබැඳීම් රාජකාරි

  - කඳවුරු ආරක්ෂක   රාජකාරි

- ආර්ථික මධ්‍යස්ථානවල ආරක්ෂාව     තහවුරු කිරීම

  - එක්සත් ජාතීන්ගේ මෙහෙයුම්    සඳහා

නාවික හමුදාව - වරායවල ආරක්ෂක කටයුතු

  - පුපුරණ ද්‍රව්‍ය සහ මත් ද්‍රව්‍ය සොයා    ගැනීම

  - පුපුරණ ද්‍රව්‍ය භාවිත කරමින් සිදු    කෙරෙන නීති විරෝධි ධීවර     කටයුතු මැඬ                  

පැවැත්වීම සඳහා ධීවර වරායන්හි සහ ධීවර තොටුපොළවල කෙරෙන මෙහෙයුම් කටයුතු සඳහා යෙදවීම

ගුවන් හමුදාව - ප්‍රභූ ආරක්ෂක රාජකාරි

- ප්‍රභූන් ගමන් ගන්නා ගුවන්    යානාවල ආරක්ෂක රාජකාරි

- ගුවන් හමුදා කඳවුරු තුළ විශේෂ     ආරක්ෂක කලාපවල රාජකාරි

- බිම් බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය   සෙවීමේ රාජකාරි

- දිවයිනේ ආර්ථික මර්මස්ථානවල     පුපුරණ ද්‍රව්‍ය සෙවීමේ රාජකාරි

- සටන් සුනඛ රාජකාරිවල යෙදවීම

- ආපදා අවස්ථාවලදී සොයා ගැනීමේ    හා බේරා ගැනීමේ රාජකාරිවල 

                                                යෙදවීම

- ගුවන් සුනඛ සන්දර්ශන හා   පෙළපාළි සඳහා සහභාගි කරවීම

(ආ) (i) ඔව්.

(ii) යුද හමුදාව රුපියල් මිලියන 5.4

ගුවන් හමුදාව රුපියල් මිලියන 12.5 -ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අධිකාරියේ අවශ්‍යතාව මත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආරක්ෂක කටයුතු සඳහා යෙදවීමට.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-06-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රුවන් විජයවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks